යාපනයේ සැරිසරණ '' ආවා ගෲප් '' සාමාජිකයින් ලෙස සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (30) දහවල් කඩු දෙකක්ද සමග යා...
යාපනයේ සැරිසරණ ''ආවා ගෲප්'' සාමාජිකයින් ලෙස සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (30) දහවල් කඩු දෙකක්ද සමග යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ අතුරු මාර්ගයක් ඔස්සේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී ඔවුන් ලග තිබී කඩු දෙකක් හමුවී තිබේ.
සැකකටයුතු පුද්ගලයින් දෙදෙනා පොලීසියට ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ නාට්‍යයක් පුහුණුවීම පිණිස මෙම කඩු දෙක රැගෙන යන බවයි.
නමුත් යාපනය පොලීසිය කියා සිටින්නේ එම කඩු දෙක නාට්‍ය සදහා භාවිත කරන සෙල්ලම් කඩු නොව පුද්ගලයින්ට හානි කළ හැකි අන්දමේ විශාල ප්‍රමාණයේ කඩු බවයි.
යාපනයේදී පසුගිය සතියේ පොලීසියට හමුවූ කඩු කීපයක් සමග සසදා බලන විට මෙම කඩු දෙක හා පෙර අත්අඩංගුවට ගත් කඩු වල සමාන බවක් දක්නට ලැබෙන බවද යාපනය පොලීසිය ප්‍රකාශ කළේය.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.
දිනසේන රතුගමගේ
COMMENTS