දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාලය ගත වෙනවා.. දේශපාලන තීන්දුවක් ගන්න වෙනවා - දිනේෂ්
Homeප්‍රවෘත්ති

කාලය ගත වෙනවා.. දේශපාලන තීන්දුවක් ගන්න වෙනවා - දිනේෂ්

PropellerAds

අ ද පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට මූණදෙන්න බැහැ.ඒ අය එනව යනව ආණ්ඩුව ගෙනයන්න බැරැ තත්වයට පත්වෙලා ඉවරයි.ආණ්ඩුවේ කාලය සීමා වෙලා ඉවරයි.ආණ්ඩුවට ආණ්ඩුවක...

අගමැති රනිල්-ඇමති රවි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්න සූදානම්? සජිත් පිලේ ඇමතිවරුන් තිදෙනෙකු බැදුම්කර නඩුවට සාක්‍ෂි දෙන්න යයි ?
ශ‍්‍රීලනිප පොහොට්ටු සාකච්චා බිද දැමීමේ කුමන්ත‍්‍රණයක්.. කුමන්ත‍්‍රණකරුවන් ශ‍්‍රීලනිපයේ
BBS පාස්කු ප්‍රහාරයට බෝම්බ දුන්නැයි ඔත්තු සේවාවක් ඔත්තුවක් දීලා !
ද පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට මූණදෙන්න බැහැ.ඒ අය එනව යනව ආණ්ඩුව ගෙනයන්න බැරැ තත්වයට පත්වෙලා ඉවරයි.ආණ්ඩුවේ කාලය සීමා වෙලා ඉවරයි.ආණ්ඩුවට ආණ්ඩුවක් ලෙස පවත්වාගෙන යන්න බැහැ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්.අපේ කාලේ 6.8කට ගිය සංවර්ධන වේගය දැන් කඩා වැටිල.2.5 ට පහට බැහැල.සතිදෙකකට ඉස්සරවෙලා දුන්න ප්‍රකාශයේ.
මේක ඕනම පොඩි එකෙකුට තේරෙනවා. මේ නිසා රට ආපස්සට යන්නේ.මේ අර්බූදය තමයි අද අපේ හමුවේ ‍ඇත්තේ, යයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

සමස්ත ලංකා ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය මගින් ඇඹිලිපිටිය ඩී. .ඒ.රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ගොවි සමලුවට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී. සමස්ත ලංකාගොවි අයිතීන් සුරුකීමේ සංවිධානයේ ජාතික සංවිධායක ගයාන් මේනක දිසානායක මහතා සහ ගොවි සංවිධන එක්ව මෙම සමුලුව සූදානම් කර තිබිණි.

මෙම අවස්ථාවට අත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සොයිසා,ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන් මෙන්ම ඇඹිලිපිටිය නගරසභාවේ සභාපති ලලිත් ගමගේ හා ඇඹිලිපිටියේ වෙළද ප්‍රජාව සහභාගී වී සිටිනු දක්නට විය.

වලව කලාපය නියෝජනය කරන ගොවීන් මෙන්ම ගොවි සංගම් නිලධානීන් දහසක් පමණ දෙනා සහභාගී වී සිටින ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ,

ස්ථාවර හොද මිලකට තමන්ගේ නිෂ්පාදනය අලවිකර ගත හැකි  විශ්වාසය තමයි ආර්ථිකයක ඉදිරි ගමන.ඒතුලින් තමයි අලුත් ආධායම් මාර්ග වලට තව තව පිවිසෙන්නට පුලුවන් කම එන්නේ.මොකක්ද ආණ්ඩුව කලේ ඒ වැඩ පිලිළිවෙල සම්පූර්ණයෙන්ම කපා දැම්මා. අවුරුදු පන්සියයකට පස්සේ පරංගි ආවට පස්සේ අපේ කුලු බඩු සොයාලෙන, අවුරුදු පන්සියකට පස්සේ තමයි අපේ මහා වරාය හැදුවේ.අවුරුදු පන්සියයක් ගියා අපිට දෙවරනි වරාය හදන්න.

උතුරේ ගොවීන් ආහාර නිෂ්පාදනය කලා.මට මතකයි බණ්ඩාරණායක මැතිණිය සමග යාපනයට ගියපු කාලේ 80 ගණන් වල,එතුමියව පිළිගත්තේ ගොවිජනතාව මිරිස් ලූණු ආදී මල්මාලා පිළිගන්වලා.මේ රටේ ශශ්‍රීක පලාතක් හැටියට මේ රටේ ආහාර නිෂ්පාදනය වැඩිකලා කියල. ඒ සියල්ල විනාශ කලා උන්හිටිතැන් නැති ගොවීන් බවට ඒ පලාත් පත්කලා.

අපේ රටේ උක් ගොවිතැන අපිට ආදායමක් ගත් හැකි ලෙස බිලියන ගණන් පිටරටින් ගේන,සීනි ජාවාරම ඉදිරියේ දණ ගහන්නේ නැතිව මේ මහ පොලොවේ උක් වගාවෙන් සීනි නිෂ්පාදනය කල හැකි දේශයක් බවට පරිවර්තනය කරන්න පුලුවන් බවත් අපේ ගොවි ජනතාව ඔප්පුකරල තියෙනවා.ඒ සදහා ලැබෙන සහයෝගය වෙනුවට සීනි ජාවාරම බවට පත්කර ගැනීමේ වෙළද ප්‍රතිපත්ත්තියකට ගමන් කිරීම නිසා අද අපි අර්බුදයකට මුහුන දෙනවා.

පොල් කර්මාන්තය,රබර් කර්මාන්තය මිල අන්තිමට වැටිල වෙනද හදන හදන රබර්ශීට් එක චීනය ගන්නව.චීනයට රබර් විකුණලා ඉවරවෙන්නේ නැහැ ලංකාව.චීනය කියන්නේ ලෝක ජනගහනයෙන් යෝධම ජනගහණය ඉන්න රට.චීනයට ආහාර විකුණුවත් ඉවරවෙන්නේ නැහැ.එසේ කරන්න බැරිනිසා තමයි අද ඇමරිකාව චීනයට තර්ජනය කරන්නේ.චීනය හැරිලා ආපසු තර්ජනය කරනව.තවදුරටත් ඔබට යටවෙන චීනයක් ලොකයේ නැහැ කියල.අවුරුදු 70ක විප්ලවයෙන් පසු චීනය අද ලෝකයේ දෙවැනි ධනවත් රට බවට පත්වෙලා තියෙනවා.ඒ රටේ ගොවිජනතාව,කර්මාන්ත කරුවන්,ව්‍යාපාරිකයන් ඒ රට ශක්තිමත් රටක් බවට පත්කරලතියෙනවා.අපට තියෙන්නේ ඒ අනාගතය නිර්මාණය කරන්න.

මේ පලාත්වල හඩ මේ පලාත්වල දුක සතුට බවට පරිවර්තනය කල හැකි නායකත්වයත් ශක්තීන් සහයෝගයක් ඉදිරියට ගෙනයාම සදහා ඒ ගමනට මහින්ද රාජපතක්ෂ මහතාගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් ගොඩනැගීමේ කාර්යයට අපි කැපවී සිටිනව.

අදමේ රට අන්තයටම වැටිලා අද ෆිනෑන්ස් කොම්පැණි වලට නිකුත් කරන ඒවායින් නිකුත් කරන සිතාසි පමණයි අපට තියෙන්නේ.ඒ වෙළද ව්‍යාපාරිකයින්ට,ගණුදෙනු කරුවන්ට හා කර්මාන්ත වලට.

ආණ්ඩුව මෙවැනි අර්බුදයකදී අවුරුද්දකින් මේක කල් දානව කියන පොරොන්දුව ඉෂ්ඨ කරල නැහැ.කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ.යලිත් අපේ ඉතිරි කර්මාන්ත ටික වැහිලා පිටටරටට මේවා විකුණලා දමන ජාත්‍යන්තර මහා අපරාදයට අපි ගොදුරුකරගන්නයි හදන්නේ.

කාලය වේගයෙන් ගමන් කරනවා මේ ශක්තිමත් දේශපාලන තීන්දුව ගන්න වෙනවා.අපිට අවශළ්‍ය පොහොර ටික අපිට අවශ්‍ය ගොවි ණය ටික ඒ වගේම අපිට අවශ්‍ය බීජටික රජයේ ගොවිපලවල් වල නිෂ්පාදනය කල හැකියි රජයට එහෙම වැඩපිලිවෙලක් නැහැ.රජයේ හැම ප්‍රධාන ගොවිපලක්ම විකුණල ඉවරයි.

එවැනි රටක ගොවීන්ට සාධාරණ මිලට බීජ දෙන්න පුලුවන් කමක් නැහැ.ඒ නිසා මේ වැඩ පිළිවෙල වෙනස්කොට අපිට විශ්වාසය තැබිය හැකි අපිට ස්වංපෝෂිත විය හැකි වැඩපිළිවෙලකට යා යුතුයි.අපේ රට බොහොම සශ්‍රීක රටක්.ඕනෑම බීජයක් පැපුරුවාම දවස් 60න් 90න් පල නෙලන්න පුලුවන් මහ පොලොවක් අපිට තියෙන්නේ.එය ඉටුකරන ජනතාව ගොවිජනතාවමයි.ඒවා විනාශ කරන ආණ්ඩුවලට වැඩිකල් ගමන් කරන්නට ඉඩ නොදී වත් කරන්නට මේවගේ සමුලු ඉතා වැදගත්.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ අතින් ගොවීන් සදහා පොල් පැල බෙදා දීමක් සහ පරිඝණක බෙදා දීමක් සිදු විය.

– ප්‍රගීත් ජනක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාලය ගත වෙනවා.. දේශපාලන තීන්දුවක් ගන්න වෙනවා - දිනේෂ්
කාලය ගත වෙනවා.. දේශපාලන තීන්දුවක් ගන්න වෙනවා - දිනේෂ්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPGQtPLbpKnQBWpyJzL4gaioXoJBEz76DprGmb7g_zWzFxt17i4UzGFNK9L0R8Zz3Zt6jXXNrljflmvGY_2eqJpoGDdB3_V2h3c9Tk7cirHoe_yVPnz59-EXZsmwJjm2_y03N8Pk-wJs3E/s320/dinesh.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPGQtPLbpKnQBWpyJzL4gaioXoJBEz76DprGmb7g_zWzFxt17i4UzGFNK9L0R8Zz3Zt6jXXNrljflmvGY_2eqJpoGDdB3_V2h3c9Tk7cirHoe_yVPnz59-EXZsmwJjm2_y03N8Pk-wJs3E/s72-c/dinesh.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_37.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_37.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy