ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් නැගෙනහිර කොළඹ ජල ව්‍යාපෘතියේදී කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 22ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව පො...
ඒ කෝප් කමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කෝප් කමිටුව හමුවට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීය.
මේ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ෂනයක් කර ඊට වගකිව යුතු නිලධාරීන් කවුදැයි සොයාබලා දැනුම් දෙන්නැයිද කෝප් කමිටුව නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා විසින් නියෝග කළේය.
කොන්ත්‍රාත්කරුවකු සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුමකට අනුව බේරුම්කරණ ක්‍රියාවලියේදී නිසි සිද්ධාන්ත අනුගමනය නොකිරීමෙන් මෙම පාඩුව සිදුවූ බවද හෙළි වූ අතර තවත් මෙවැනි පාඩු සිදුව ඇත්දැයි බැලීම සඳහා වසර හයක බේරුම්කරණ නඩුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙසද කෝප් කමිටුව ජල සම්පාදන මණ්ඩල ලේකම්වරයාට දැන්වීය.
ඊට අමතරව ජල ව්‍යාපෘති කිහිපයකටම අවශ්‍ය නල ගෙන්වීමේදී අවශ්‍ය ප්‍රමාණය මෙන් කිහිපගුණයක් නල ගෙන්වා ඒවා වරායේ ගබඩා කර තැබීමටද රුපියල් කෝටි ගණනින් මුදල් ගෙවා ඇති බව මෙහිදී හෙළිවිය.
COMMENTS