එළැඹෙන මැතිවරණ සමයේ දකුණේ දැවන්ත පිපිරීමක් සිදු කර ප‍්‍රභූන් ඇතුළු මහා මිනිස් ඝාතනයක් කිරීම සඳහා එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කර තිබූ සැලසුමක සි...
මේ සඳහා සී 4 වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 200 ක පමණ ප‍්‍රමාණයක් යොදා ගැනීමට සූදානම්ව සිටි බව ද අනාවරණය වී ඇත.
ප‍්‍රබල එල්ටීටීඊ කි‍්‍රයාකාරිකයකුව සිටි කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ සින්නයියා සිවරූබන් අත්අඩංගුවට ගත් පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය හා ආරක්‍ෂක අංශ ඔහුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළිවී ඇත.
මෙහිදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු දේශපාලන නායකයන් ඝාතනය කිරීම එල්ටීටීඊයේ ප‍්‍රධාන ඉලක්කය වී තිබූ බවක් ද අනාවරණය වී ඇතැයි උසස් හමුදා නිලධාරියෙක් පැවසීය.
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ ඊ.පී.ඞී.පී. නායක ඩග්ලස් දේවානන්දා යන මහත්වරුන් ඝාතනය කිරීමට සැලසුම් කළ බවද ආරක්‍ෂක අංශ අත්අඩංගුවට ගත් සින්නයියා සිවරූබන් හෙළි කර ඇත.
මෙම සැලසුමට අනුව පසුගිය කාලය තුළ සිය වෛද්‍ය වෘත්තියට මුවා වී සින්නයියා සිවරූබන් අධිබල පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ එක්රැස් කර තිබෙන අතර හිටපු එල්ටීටීඊ සාමාජිකයන් නැවත ප‍්‍රතිසංවිධානය කරමින් ඔවුන් ප‍්‍රහාර සඳහා යොදවා ගැනීමට ද සූදානමින් සිට ඇත.
ඉතා සූක්‍ෂම අයුරින් මොහු විදේශගත කොටි ප‍්‍රබලයන්ගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ දීර්ඝ කාලයක සිට කි‍්‍රයාත්මක කර තිබේ.
මෙසේ ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක වන අතරේ මෙරට ප‍්‍රභූ හා හමුදා ප‍්‍රධානීන් විදේශගත වන අවස්ථාවන්හිදී එම රටවලදී ඔවුන් ඝාතනය කිරීමට ද එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් සැලසුම් කර තිබී ඇත.
– divaina
COMMENTS