දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෞද්ධයින් අන්තවාදීන් නොවේ - YMBA එක හඬින් ලෝකයටම කියයි
Homeප්‍රවෘත්ති

බෞද්ධයින් අන්තවාදීන් නොවේ - YMBA එක හඬින් ලෝකයටම කියයි

PropellerAds

මෙ රට බෞද්ධ ජනතාව ජාතිවාදීන් හෝ අන්තවාදීන් නොවන බවත් ඔවුන් මෙරට අනිකුත් සියළු ජාතීන් සමග සමගියෙන් වාසය කිරීමට උනන්දුවක් දක්වන මධ්‍යස්ථ මතධා...

මහ කොමසාරිස්ට පහරදීම අගමැති රනිල් හෙළාදකියි
දයා මාස්ටර්ට එරෙහි නඩුව නීති විරෝධීයී - සුමන්තිරන්
ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කරයි
මෙරට බෞද්ධ ජනතාව ජාතිවාදීන් හෝ අන්තවාදීන් නොවන බවත් ඔවුන් මෙරට අනිකුත් සියළු ජාතීන් සමග සමගියෙන් වාසය කිරීමට උනන්දුවක් දක්වන මධ්‍යස්ථ මතධාරීන් බවත් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර ජයසේකර මහතා මෙරට සිටින විදේශීය තානාපතිවරුන් දැනුවත් කරමින් අවධාරණය කළේය.


කොළඹ තරුණ බෞද්ධ සංගමය නායකත්වය ලබාදෙන “එක හඬක්-සුරක්ෂිත රටක්“ ස්වාධීන ජාතික බලවේගය විසින් අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙරට තානාපතිවරුන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවේ මුලසුන දරමින් ජයසේකර මහතා මෙම අදහස් දැක්වීය.

“මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට බෞද්ධ ජනතාවගේ මතය පිටස්තර ලෝකයට සන්නිවේදනය කිරීමයි. ලංකාවේ ඉන්න බෞද්ධ ජනතාවගේ හඬ කුමක්දැයි කියා පිටස්තර ලෝකයට පැවසීමේ වගකීමක් කොළඹ තරුණ බෞද්ධ සංගමය විදිහට අපිට තිබෙනවා. මේ සඳහා තිබෙන හොඳම ක්‍රමය තමයි තානාපති කාර්යාල හරහා පිටස්තර ලෝකය දැනුවත් කිරීම. මේ දක්වා බෞද්ධ ජනතාවගේ මතය පිළිබඳව නිවැරදි දැනුවත් කිරීමක් ලෝකය හමුවේ සිදුකර නෑ.

නමුත්, අපි දකිනවා අනිකුත් සංවිධාන තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. නොයෙකුත් වේදිකාවල ප්‍රකාශ වන ලෝකයට ගමන් කරමින් තිබෙන සමහර අන්තවාදී අදහස් මෙරට බෞද්ධයින්ගේ මතය නෙවෙයි. බෞද්ධයින්ගේ මතය තමයි අනිකුත් සියළු ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයැයි කියන මතය. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා කියන වටිනා ධර්මය තුළ පිහිටා තමයි බෞද්ධ ජනතාව සැමවිටම කටයුතු කරන්නේ.“

මෙහිදී, මහේන්ද්‍ර ජයසේකර මහතා කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් නායකත්වය ලබාදෙන “එක හඬක්-සුරක්ෂිත රටක්.“ ස්වාධීන ජාතික බලවේගයේ න්‍යාය පත්‍රය පිළිබඳව තානාපතිවරුන් දැනුවත් කළේය. මෙහිදී, ඔහු පෙන්වා දුන්නේ සෑම කෙනෙකුටම බලපාන එක නීති පද්ධතියක් ඇති කිරීම, සියළු දරුවන් වෙනුවෙන් රජයේ අධීක්ෂණයට යටත් එක් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම, දේශීය ව්‍යාපාරිකයා සහ ගොවියා රැකගැනීමේ පැහැදිලි වැඩපිළිවෙලක් ඇති කිරීම, සියළු ආගම් සඳහා එක් ආගමික අමාත්‍යංශයක් ඇති කිරීම මෙම න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංග බවයි.

ළදරු විවාහ සහ බහු භාර්යා විවාහ වැලැක්වීම මෙන්ම හලාල් සහිතකය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය තුළින් නිකුත් කිරීම ඇතුළු මූලික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමය සමග වැඩ කරන මුස්ලිම් ප්‍රජාව එකඟත්වයකට පැමිණෙමින් තිබෙන බවද කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට කොළඹ සිටින විදේශ තානාපතිවරුන් සහ තරුණ මුස්ලිම් සංගමය, සමස්ත ලංකා හින්දු කොංග්‍රසය සහ කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී විය.

– කොළඹ තරුණ බෞද්ධ සංගමය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29302,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෞද්ධයින් අන්තවාදීන් නොවේ - YMBA එක හඬින් ලෝකයටම කියයි
බෞද්ධයින් අන්තවාදීන් නොවේ - YMBA එක හඬින් ලෝකයටම කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPYIMho6yKUPS8WjTpeUn_3G97UKTT-pBaYk9fdJQ22rAKbYqxA75T78C77If-_eeWU88Q_HuzXsjnrCwy3ENT3_GDs4xfTDXFbYiogwKwLAkx_CJ2FY_zmRtCcZb3s1ChMU2L8Al3LPYg/s320/78745645.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPYIMho6yKUPS8WjTpeUn_3G97UKTT-pBaYk9fdJQ22rAKbYqxA75T78C77If-_eeWU88Q_HuzXsjnrCwy3ENT3_GDs4xfTDXFbYiogwKwLAkx_CJ2FY_zmRtCcZb3s1ChMU2L8Al3LPYg/s72-c/78745645.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/ymba.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/ymba.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy