ලංකා විදුලි බල මණ්ඩලය විසින් තෙල් සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීමට රුපියල් කෝටි 1500 ක මුදලක් ලංකා බැංකුවෙන් ණයට ගැනීමට තීරණය කර ඇත. වි...
එම ණය මුදලින් කෝටි එක්දහස් පන්සියයක් ගෙවීම සඳහා ලංකා බැංකුවෙන් ණයට ලබාගන්නා බවද ඔහු පැවසීය.
තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ලබාදී තිබූ ණය සීමාව පසුගිය 08 වනදා වන විට ඉක්ම ගොස් තිබූ නිසා තෙල් සංස්ථාව ණයට ඉන්ධන ලබා දීම නවතා දමා තිබුණු මේ නිසා ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම සීමා කිරීමටද සිදු විය.
කෙසේ වෙතත් නැවත මුදල් ගැනීම එකඟතාවය මත ඉරිදා දිනයේ සිට නැවතත් තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදී තිබේ.
මේ වන විට රට පුරා බොහෝ ප්‍රදේශවල බලපා ඇති අධික වියළි කාලගුණ තත්ත්වය නිසා දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 4,700ක් වන බවද ඔහු සඳහන් කළේය.
දැනට විදුලි අවශ්‍යතාවයෙන් 85% ක් පමණම තාප විදුලි බලාගාර මගින් ද ලබා ගැනීමට සිදුව ඇතැයිද කී ජයවර්ධන මහතා වියලි කාලගුණ තත්ත්වය අගෝස්තු මාසය වන තෙක් පැවතියහොත් දැඩි විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බවද සඳහන් කළේය.

COMMENTS