දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම – ජනාධිපති කියයි
Homeප්‍රවෘත්ති

පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම – ජනාධිපති කියයි

PropellerAds

කු මන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ග...

පොහොට්ටුව නම් කරන අපේක්‍ෂකට සහාය දෙන්න සූදානම් නෑ.. ශ‍්‍රීලනිපය නැතිව හැකිනම් දිනනු - ශ‍්‍රීලනිපය අභියෝග කරයි
ක‍්‍රිකට් කණපිට ගහයි.. හතුරුසිංහ ඇතුළු සියළු පුහුණු කාර්ය මණ්ඩලය එලවා දමයි !
තවත් මාස 05-06කින් මගේ ධුර කාලය අවසන් - ජනපති
කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට 16 පස්වරුවේ එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ මරණීය දණ්ඩනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට වන සූදානම අප්‍රේල් 21 වනදා මහා විනාශයක් සිදු කරමින් 300කට ආසන්න අහිංසක ජනතාවගේ ජීවිත උදුරාගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවට අදාළ වගඋත්තරකරුවන්ට හිමිවිය යුතු දඩුවම වළක්වාලීමට ද ගන්නා උත්සාහයක් බව තමා විශ්වාස කරන බවයි.

මෙරට අපරාධ නීතියට අනුව මිනී මැරුමකට, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ද වැරදිකරුවෙකු වුවහොත් මරණීය දණ්ඩය හිමිවන අතර මරණීය දණ්ඩය අහෝසි කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගන්නා උත්සහය තුළින් එම කිසිදු අපරාධකරුවෙකුට දඩුවම් ලබාදීමට නොහැකි වන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මහබැංකු මංකොල්ලයට අදාළ සියලු වගඋත්තරකරුවන් ද මේ වන විට සොයාගෙන තිබෙන අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, රටින් පිට සිටින අයට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති අතරම, අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා තමා සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා සමග පෞද්ගලිකවම සාකච්ඡා කර ඇති බවත්, එම සියලු පරික්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 21 දා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ අයට විරුද්ධව පරික්ෂණ අඛණ්ඩව සිදුවන බවත්, ඔවුන්ට එරෙහිව පැහැදිළි සාක්ෂි තිබෙන අතර නිති පොතට අනුව ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බවයි.

සමාජයක් යහපත් කිරීමට රාජ්‍ය පාලනය තුළ දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු අතර දණ්ඩනයට බිය විම තුළින් සමාජය තුළ වැරදි අවම වී යහපත් සමාජයක් සහ රටක් ගොඩනැගෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අද පස්වරුවේ පැළෑද රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ඉදිකිරීම් විවෘත කළ ජනාධිපතිතුමා ඒවා නිරික්ෂණය කිරීමට ද එක් විය.

පැළෑද රජමහා විහාරාධිපති, පාලින්දනුවර ප්‍රධාන සංඝනායක පූජ්‍ය දේවමුල්ලේ කල්‍යාණවංශ නායක හිමිපාණන් වහන්සේ වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

නව ඉදිකිරීම් සඝ සතු කොට පූජා කිරීමට අදාළ සන්නස් පත්‍රය ජනාධිපතිතුමා විසින් කල්‍යාණ සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ වෙත පූජා කළේය.

පූජ්‍ය පිඹුරේ උදිත මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු මැති ඇමතිවරු පිරිසක් ද, දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම – ජනාධිපති කියයි
පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම – ජනාධිපති කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFEobkwXZswYJysCvVrJWw1ymiT5rxH6EYziM8aM9q0AvuvYoI5ib3_L2oBcZe5bz8MkqUlNT9rRn89tgrS539A_R8Q3wkhORzhISa_RAxx_hF7J0vmQ26IOWZrp6KkoGG5yNo_ENYRTi3/s320/maithripala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFEobkwXZswYJysCvVrJWw1ymiT5rxH6EYziM8aM9q0AvuvYoI5ib3_L2oBcZe5bz8MkqUlNT9rRn89tgrS539A_R8Q3wkhORzhISa_RAxx_hF7J0vmQ26IOWZrp6KkoGG5yNo_ENYRTi3/s72-c/maithripala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_978.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_978.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy