රජය විසින් මේ වසර තුළ විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා රටවල් 06කින් ටෙන්ඩර් කැඳවීමට පියවර ගෙන තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 600 ...
රජය විසින් මේ වසර තුළ විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා රටවල් 06කින් ටෙන්ඩර් කැඳවීමට පියවර ගෙන තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් වැය වන මෙම ව්‍යාපෘතිය යටතේ පානදුර සහ පොල්ගහවෙල අතර මෙන් ම, කොළඔ කොටුවේ සිට මීගමුව දක්වා කැළණිවැලි මාර්ගයේ කිලෝමීටර් 158 ක විදුලි දුම්රිය මාර්ග සැකසෙන බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍යාධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් වී සිටින අතර මෙය ඉදිරි වසර තුනදී සම්පුර්ණ කිරීමට නියමිත ය.
මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැදවීම නියමිතව ඇත්තේ ජපානය,දකුණු කොරියාව,ප්‍රංශය, ඔස්ට්‍රේලියාව,ස්පාඤ්ඤ සහ චීනය යන රටවල්වලිනි. එම තෝරා ගන්නා රටකට මෙරට විදුලි දුම්රිය සඳහා වේදිකා තැනීම,ආරක්ෂිත වැටක් ඉඳි කිරීම,ටිකට් යන්ත්‍ර සැකසීම මෙන් ම විදුලි දුම්රිය එන්ජින් සහ මැදිරි සැපයීමට ද නියමිත ය.
COMMENTS