ඉදිරි ජනාධිපතිවරණය සදහා කෙසේ මුහුණ දෙන්නේ දැයි මාධ්‍ය හමු කිහිපයකදි අදත් විවිධ අදහස් පළ වුණා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කැදවා තිබූ මාධ්‍ය...
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම පැවසුවේ මෙම ජනාධිපතිවරණය සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තනිව අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළත් ජයග‍්‍රහණය කළ හැකි බවයි. ඒ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධානගත වුවද ජනාධිපති අපේක්‍ෂකයා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් නම් කළ යුතු බව ඔහු අවධාරණය කළා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කැදවා තිබු මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීරද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු පැවසුවේ ජනාධිපතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ඇති කර ගැනීමට තවදුරටත් සාකච්ඡා සිදුවන බවයි.
මේ අතර අද පැවති උත්සවයකදී අමාත්‍ය ජෝන් අමරතුංග පැවසුවේ කතානායක කරූ ජයසූරිය මහතා රටේ නායකත්වයට වුවද සුදුස්සෙකු බවයි. කතානායකවරයාද මෙම උත්සවයට සහභාගි වී සිටියා.
මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ මීළග ජනාධිපති අපේක්‍ෂකයා කතානායක කරූ ජයසූරිය මහතා විය යුතු බව ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය මාතලේ ධම්මකුසල හිමියන් පවසනවා. උන්වහන්සේ ඒ බව පැවසුවේ අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින්.
COMMENTS