දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ සහාය දෙන්නේ අපට ස්වයං පාලනය දෙන කණ්ඩායමටයි..- දෙමල සන්ධානය
Homeප්‍රවෘත්ති

අපේ සහාය දෙන්නේ අපට ස්වයං පාලනය දෙන කණ්ඩායමටයි..- දෙමල සන්ධානය

PropellerAds

උතුරු නැගෙනහිර  පළාත් ඒකාබද්ධ කොට ස්වයං පාලන ව්‍යුහයකින් දේශපාලන විසඳුමක් ලබාදෙන පාර්ශවයකට දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාදෙන බවට ඉලංගෙයිතමිල් ...

ජාතික ලයිස්තුවට දෙමල සන්ධානයත් පුපුරා යයි
එජාප නායකත්වය මට දෙනු..- වජිර කෙලින්ම රනිල්ගෙන් ඉල්ලයි.. යෝජනාවක්ද සම්මත කරගනී
වසර 72ක පාලකයන්ගේ ණය ට්‍රිලියන 14යි – මාස 6කට ගෝඨා පමණක් ට්‍රිලියනයක් ණය අරන්
උතුරු නැගෙනහිර  පළාත් ඒකාබද්ධ කොට ස්වයං පාලන ව්‍යුහයකින් දේශපාලන විසඳුමක් ලබාදෙන පාර්ශවයකට දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාදෙන බවට ඉලංගෙයිතමිල් අරුසකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයිසේනාධිරාජා මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (30) දින යාපනය වීරසිංහම් ශාලවේදී ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ 16වන මහසභා සම්මේලනය රැස්වූ අවස්ථාවේදීය.

ඉලංගෙයි තමිල් අරුසකච්චිපක්ෂයේ නායකයා වශයෙන් නැවත වරක් පසුගිය 29 වනදා මාවෙයි සේනාධිරාජා මහතාම පත්වීමෙන් පසුව ඊයේ දින නැවතත් පක්ෂයේ මහභාව රැස්වීණි.

එහිදී උතුරු නැගෙනහිර නව සිංහල ජානාවාස ඉදිකිරීම නවතා දැමීම ඇතුළු යෝජනාවන් රැසක් ‍ඉලංගෙයි තමිල් අරසු කච්චි මහා සභා රැස්වීමේදී සාකච්ඡා කළ අතර ඊට අමතරව උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ගැටළුව, උතුරේ සිවිල් ජනතාව‍ගේ ඉඩම් තුළින් ආරක්ෂක අංශ ඉවත්කිරීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම හා හින්දු ජනතාව ජිවත්වන ප්‍රදේශයන්ගේ බෞද්ධාගමික ස්ථාන ඉදිකිරීම නැවැත්වීම ඇතුළු ප්‍රධාන යෝජනා 11 ක් සම්බන්ධයෙන් වන යෝජනාවලියක් රජය වෙත ඉදිරිපත් කිරීමට එහිදි යෝජනා සම්මතකොට ගෙන ඇත.

අදාළ ඉල්ලීම් මාලාව රජයට ඉදිරිපත් කොට මාස තුනක කාලයක් තුළ විසදුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන  අතර, අදාළ ඉල්ලීම් මාලාව වෙත ලබාදෙන යහපත් ප්‍රතිඵල අනුව ඉදිරි මැතිවරණ වෙනුවෙන් සිය පක්ෂය සහයෝගය ලබාදෙන කණ්ඩායම තීරණය කරන බවද පක්ෂ නියෝජතයින් එහිදී පැවසූහ.

අවසන් යුද සමයේ උතුරු නැගෙනහිර පළාත් තුළින් අතුරුදහන්වු තරුණ කණ්ඩායම් වෙනුවෙන් සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් රජය තුළින් ස්ථිර විසදුමක් ලබා ගැනීම හා දේශපාලන සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටින පිරිස් නිදහස් කර ගැනීම වෙනුවෙන් රජයට බලපෑම් කළ යුතු බවට තීරණයක්ද මහසභාවේදී යෝජනා වී ඇත.

එමෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ගෙන යන උත්සහය නවතා දැමිය යුතු බවත්, ඒ වෙනුවෙන් වන යෝජනාවලියක් සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සම‍ඟ සාකච්ජා කළ යුතු බවටද එහිදී සාකච්ඡා වී ඇත.

මහවැලි එල් කලාපය යනුවෙන් හදුන්වමින් උතුරු නැගෙනහිර පළාත් තුළ නව සිංහල ජනාවාස බිහිකිරමින් රජය ගෙන යන ක්‍රියා කලාපය වහාම නවතා දැමිය යුතු බවටත් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කරගත් යෝජනාවන් මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවත් ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරය කටයුතු කළයුතු බවත් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් රජයට බලකිරීමට වැඩි දුරටත් සාකච්ඡා කොට ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ සහාය දෙන්නේ අපට ස්වයං පාලනය දෙන කණ්ඩායමටයි..- දෙමල සන්ධානය
අපේ සහාය දෙන්නේ අපට ස්වයං පාලනය දෙන කණ්ඩායමටයි..- දෙමල සන්ධානය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiH5epe2tTXfoz9cH2KMBDvjyJK2ebNLTXMDWm8BOeY8S2eZhTybTZsyaVT6Lh7HknzS28iIr55FcBHxE6VSi4-FbPqeCLqxz7VuUo7a7YGl_MZMLg52BaRiNs4T29QxXuWYZlZKzJmlMi7/s320/itak-tnad.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiH5epe2tTXfoz9cH2KMBDvjyJK2ebNLTXMDWm8BOeY8S2eZhTybTZsyaVT6Lh7HknzS28iIr55FcBHxE6VSi4-FbPqeCLqxz7VuUo7a7YGl_MZMLg52BaRiNs4T29QxXuWYZlZKzJmlMi7/s72-c/itak-tnad.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_86.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_86.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy