දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බාහිර උපාධිධාරීන්ට රැකියා නෑ.. අරලියගහ මැදුරේ උත්සවයෙන් ඉවත් කරයි
Homeප්‍රවෘත්ති

බාහිර උපාධිධාරීන්ට රැකියා නෑ.. අරලියගහ මැදුරේ උත්සවයෙන් ඉවත් කරයි

PropellerAds

වි පක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ කරන ලද ප‍්‍රකාශය මෙහි දැක්වෙයි. වර්තමාන ආණ්ඩුව විසින් රජයේ රැකිය...

අර්ජුන ආසියානු ක්‍රිකට් තරගාවලි අධ්‍යක්ෂට ඩුබායි යාම තහනම් කරලා!
EXCLUSIVE : අමෙරිකාව ගෝඨාභයට නඩු දමයි!
රනිල් සහ සජිත් නායකත්ව දරන අලුත් සන්ධාන දෙකක්… සාකච්ඡා ඇරඹෙයි!
විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ කරන ලද ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.

වර්තමාන ආණ්ඩුව විසින් රජයේ රැකියා අවස්ථා ලබාදීමේදී උපාධිධාරීන් එම රැකියා අවස්ථාවලට යොමු කිරීම සඳහා කිසිදු නිවැරදි ස්ථිර වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමෙන්,  උපාධිධාරීන් දැඩි අසරණ තත්ත්වයකට මේ වනවිට පත්ව තිබේ.
  එම රැකියා අවස්ථා ලබාදීමට මේ දක්වා කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක නොකර සිටින්නේ ඇයිද? කියා ආණ්ඩුව විසින් මෙම ගරු සභාවට පිළිතුරු දිය යුතුයි.

මෙම යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට ප්‍රකාශ කරනු ලැබුවේ නව රැකියා අවස්ථා ලබාදෙන බවයි.  මේ වන විට වසර 4 ½ ක් ගත වී ඇතත්,  රැකියා අවස්ථා ලබාදෙනවා වෙනුවට මෙම ආණ්ඩුව කරනු ලැබුවේ හාර ලක්ෂ පනස් හතර දහසක් රැකියා අවස්ථා අහිමි කිරීමයි. ඒ බව ශ්‍රී ලංකා මහ බැංකු 2018 වාර්තාව මඟින් තහවුරුවේ.  ගරු කථානායකතුමනි, වසරක මේ ආණ්ඩුව විසින් ජාතියේ දරුවන්ට අහිමි කරනු ලබන රැකියා ප්‍රමාණය ඒ අනුව ලක්ෂය ඉක්මා තිබේ.

ආණ්ඩුව රැකියා ලබා දුන්නේ නම්, විරැකියාව අවම වී රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුවලටද විසඳුම් ලැබිය යුතුව තිබුණි. නමුත් එවැනි දෙයක් සිදු වී නොමැති බව ඉතා පැහැදිලිවේ.

මේ වන විට උපාධිධාරීන්ට රැකියා ලබාදීමට අදාළ බඳවා ගැනීමේ නාමලේඛන දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර තිබෙන බවට වාර්තා වුවද එය නිසි පරිදි ඉදිරිපත් කර නොමැති බවට පැමිණිලි රැසක් මේ වන විටද ලැබී ඇත.

2018.08.20 දින ඉහලම ලකුණු ලබාගත් උපාධිධාරීන් පිරිසක් පත්වීම් ලබාදීම සඳහා අරලිය ගහ  මන්දිරයට කැඳවා එම උත්සව ශාලාවෙන් ඉන් කණ්ඩායමක් ඉවත් කරනු ලැබුවේ ඔවුන් බාහිර උපාධිධාරීන් බව පවසමිනි. බාහිර උපාධිය එම බඳවා ගැනීමට නුසුදුසුකමක් ලෙස මෙම ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ කෙසේද?

මෙය මොනතරම් අයුක්තිසහගතද? අසාධාරණද? යහපාලනය තම ප්‍රතිපත්තිය බව පවසන ආණ්ඩුවකින් මෙවැන්නක් බලාපොරොත්තු විය හැකිද?

අදාළ ගැසට් පත්‍රයෙහි එවැනි සඳහනක් නොමැතිනම් බාහිර උපාධිය නුසුදුසුකමක් ලෙස සලකන්නේ කුමන නිර්ණායක අනුවද කියා ආණ්ඩුව වහාම පිළිතුරු ලබාදිය යුතුව ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රසිද්ධ කර ඇති නාම ලේඛනවලට බාහිර උපාධිධාරීන් කිසිවෙකු ඇතුළත් නොකිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙන්නේ මන්ද? කියා මේ අවස්ථාවේදී අපි දැඩිව ප්‍රශ්න කරමු.

මේ ආකාරයෙන් බාහිර උපාධිධාරීන්ට වෙනත් හැන්දකින් බෙදීමට ආණ්ඩුව ක්‍රියාකළ නිසා ඔවුන්ට රැකියාවක් ලබාගැනීමේ වයස් සීමාවද  ඉතා වේගයෙන් ඉක්ම යමින් තිබීම ගැනද ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි.

පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන අපගේ ආණ්ඩුව මඟින් උපාධිධාරීන්ට රජයේ නව රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන අදියර කිහිපයක් යටතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව රටම දන්නා කරුණකි.

එහිදී නව රැකියා අවස්ථා උපාධිධාරීන් 90,000 කට ආසන්න ප්‍රමාණයකට හිමිවූ අතර එම අවස්ථාවේදී කිසිදු දේශපාලන භේදයකින් තොරව, අභ්‍යන්තර හෝ බාහිර සලකා බැලීමකින් තොරව, වයස් සීමාවකින් තොරව සහ උපාධියේ විෂයයන් ගැන නොසලකා රැකියා අවස්ථා ලබාදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුවටද විසඳුම් ලබාදුන් බව මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුව තිබේ.

බාහිර උපාධිධාරීන් අදාළ වර්ෂයට ඇතුළත් කර නොගැනීමටත්, තරඟ විභාගයේ ලකුණු අනුව පත්වීම් ලබා නොදීමටත් ක්‍රියාකළේ කෙසේද?  කියා රටට පැහැදිලි කළ යුතුව තිබේ.

සියළුම උපාධිධාරීන්  තම අධ්‍යාපනයට සරිලන රැකියා අවස්ථා ඉල්ලන විට ඔවුන්ට මහ පාරේදී පසුගිය වසර 4 ½ තුළ ලැබුණේ යහපාලන කදුළු ගෑස් බවද මෙහිදී සිහිපත් කර දීමට කැමැත්තෙමි.

පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර වර්තමාන ආණ්ඩුව සියළුම රැකියා විරහිත උපාධිධාරීන් කැඳවා රැකියා ලබාදෙන බවට පොරොන්දු වුණි. නමුත් එම පොරොන්දුවද මෙම ආණ්ඩුව කඩකර තිබෙන බව එම උපාධිධාරීන්ම ප්‍රකාශ කරති.

රැකියා බලාපොරොත්තුවෙන් සිටින සියලුම  උපාධිධාරීන්ට රැකියා අවස්ථා නිවැරදි ආකාරයෙන් ලබාදීමට අදාළ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට වසර 4 ½ ක් තිස්සේ නොහැකි වුණු ආණ්ඩුව ඉදිරි මාස කිහිපය තුළ මෙම ජාතික ගැටළුව විසඳන්නේ කෙසේද?  කියා වහාම රටට හෙළි කළ යුතුව ඇත.

මහින්ද රාජපක්ෂ
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බාහිර උපාධිධාරීන්ට රැකියා නෑ.. අරලියගහ මැදුරේ උත්සවයෙන් ඉවත් කරයි
බාහිර උපාධිධාරීන්ට රැකියා නෑ.. අරලියගහ මැදුරේ උත්සවයෙන් ඉවත් කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlhcDkAu4oKWq9_4j63poTSa4KjL2CFWKukRMOxDC2AXsSCGZoim0nYTTYjjNc6qGz8lIxw_y8pVlb3aGZXuq-TD9mnx2dQx9ekVDUAxBDBY0OMbdbwQA5bCx6QQY5mAmRzDYnzYnEXxMr/s320/degree.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlhcDkAu4oKWq9_4j63poTSa4KjL2CFWKukRMOxDC2AXsSCGZoim0nYTTYjjNc6qGz8lIxw_y8pVlb3aGZXuq-TD9mnx2dQx9ekVDUAxBDBY0OMbdbwQA5bCx6QQY5mAmRzDYnzYnEXxMr/s72-c/degree.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_562.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_562.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy