දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේක්ෂකයන් සල්ලිවලින් දාන සෙල්ලම් වලට මැකෝ වැට බැඳලා !
Homeප්‍රවෘත්ති

අපේක්ෂකයන් සල්ලිවලින් දාන සෙල්ලම් වලට මැකෝ වැට බැඳලා !

PropellerAds

මැ තිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වියදම් පාලනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස්කර අවසන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්...

හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනපති විශේෂ ප්‍රකාශයක් කරයි
උසස් පෙළ ලියා එද්දී පැහැරගෙන ගොස් සිසුවියක් අපයෝජනය කළ ‘යොවුන්’ මන්තී‍්‍ර අත්අඩංගුවට
යාපනයට ගිය ජනපතිට දැඩි විරෝධයක්! කලු කොඩි ඔසවා උතුරේ ජනතාව විරෝධතාවයක
මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වියදම් පාලනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස්කර අවසන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. කලකට පෙර මැතිවරණයකට අපේක්ෂකයෙක් ඉදිරිපත් වන්නේ තමන්ට අයත් වතු පිටි විකුණා එම මුදල් යොදවා වුවත් දැන් එසේ නොවන බවත්, මැරයන්ගේ සහ පිටරටින් එන මුදල්වලින් ඡන්දෙ කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා දිනමිණ පුවත් පතට පවසා තිබේ.
එහි මෙසේද සඳහන් වේ.

විශාල වියදම් දරා කටවුට් සහ තොරන් ගසමින් පෝස්ටර් යුද්ධයෙන් තොර මැතිවරණයකට දේශපාලන පක්ෂ දෙකක් මේ වන විටත් කොමිසම හමුවේ කැමැත්ත පලකර ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

එම පක්ෂ අතර ප්‍රධාන දේශපාලන පක්ෂයක් ද ඇතැයි ඔහු පැවසීය.

මැතිවරණ වියදම් පාලනය කිරීමට පනත් කෙටුම්පතට ජනපති, අගමැති, කථානායක, විපක්ෂ නායක ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් එකගත්වය පලකර ඇතැයිද ඔහු සඳහන් කළේය. ඊට කැබිනට් අනුමැතිය පවා ලැබී එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඇති බවත් ඔහු කීය. එහෙත් එය කවදා ක්‍රියාත්මක වේදැයි කියන්නට බැරි බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරනු ලැබුවේ ඡන්දය ප්‍රකාශය කිරීමේ දී ජාතික හැදුණුම්පත අනිවාර්ය කිරීමට 1959 සිට 2004 දක්වා වසර 45 ක් ගතවූ බව සඳහන් කරමිනි.

මැතිවරණවල දී අපේක්ෂකයන්ගේ වියදම් අනිවාර්යෙන්ම සීමා විය යුතු බව මැතිවරණ කොමිසමේ අදහස බවත් 2016 වසරේ දී අල්ලස් කොමිසමේ ද සහය ඇතිව ජනපති, අගමැති, කථානායක, විපක්ෂ නායක, ඇතළු පක්ෂ නායකයින්ගේ සහාගිත්වයෙන් පැවැති වැඩ සටහනක දී ද වියදම් සීමා කිරීම් ගැන දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වුණු බව ද ඔහු පෙන්වා දුන්නේය. මැතිවරණ දූෂණ වැළක්වා ගැනීමට වියදම් පාලනය කිරීමේ සැකැස්මක් අවශ්‍ය බව ඒ සෑම නියෝජිතයකුගේම අදහස වී තිබේ.

මාධ්‍යවල විවිධ දේශපාලනඥයන් පලකරන දැන්වීම් දෙස දැකීමේ දී ඡන්දයක් එන බව පෙනී යන බවත් තමන්ගේ වියදමින් එම දැන්වීම් පලකරන්නේ නම් වරදක් නොමැති බව ද මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේය. ජීවතුන් අතර සිටින දේශපාලනඥයන්ගේ නම්වලින් රජයේ ගොඩනැගිලි සහ මාර්ග නම් නොකරන ලෙස ද ඉල්ලීමක් ද මහින්ද දේශප්‍රිය මහතා කළේය.

මැතිවරණ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඉහළ මට්ටමින් සාකච්ඡා කළද පහළ මට්ටමේ එය සිදුනොවන බව පෙන්වා දුන් ඒ මහතා මැතිවරණ ප්‍රචණ්ඩත්වයට නඩු පැවරෙන්නේද මැතිවරණ නීතියෙන් නොව, අපරාධ නීතියෙන් බැවින් බොහෝ විට සිදුවන්නේ අත්හිටවූ සිර දඬුවමක් හෝ දඩයකට යටත් කිරීමක් බව සඳහන් කළේය. මැතිවරණ නීතියෙන් නඩු පැවරීමට නීතිපති උපදෙස් ලබාගැනීමට සිදුවන බවත් මැතිවරණ නීතියෙන් දඬුවම් හිමිවීමේ දී ප්‍රජා අයිතිය පවා අහිමිවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම දේශපාලන පක්ෂ ලියාපංචි කිරීමේ නිසි ක්‍රමවේදයක් ගැනද කොමිසමේ අවධානය යොමුව ඇති බව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. මේ වන විට දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට විශාල වශයෙන් ඉල්ලීම් ඇති බව ද ඔහු සඳහන් කළේය. දේශපාලන පක්ෂ රැසක්ම ඇත්තේ සියයට එකකවත් ජනපදනමක් නැති ඒවා බවත් ඒ අය මැතිවරණවල දී නාමික අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට එසේ පක්ෂ ලියාපදිංචි කරන බවත් ඔහු පෙන්වා දෙන්නේය. ඉදිරි මැතිවරණවල දී තවත් අපේක්ෂකයෙක් අදින පලදින ආකාරයට මෙන්ම ඔහුගේ නමට සමාන නම් යොදාගැනීමට නාමික අපේක්ෂකයන්ට ඉඩ නොදෙන බව ද මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේක්ෂකයන් සල්ලිවලින් දාන සෙල්ලම් වලට මැකෝ වැට බැඳලා !
අපේක්ෂකයන් සල්ලිවලින් දාන සෙල්ලම් වලට මැකෝ වැට බැඳලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja8dR7twgnzTHzqJm4CwAKspnZ_3Ucp9LqTGDwfvJA-w_ZeMfNMaiNyulTS8mTyboisE1pMxJYXkZOJRDhjDKc0umdGFd0I1PG-m1m5p9FVhMg2zOLngK4jjvsSzUY3lYfGQUiVV6FipoM/s320/1c3e7dad8c46b445b9c916ee2db530a9_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja8dR7twgnzTHzqJm4CwAKspnZ_3Ucp9LqTGDwfvJA-w_ZeMfNMaiNyulTS8mTyboisE1pMxJYXkZOJRDhjDKc0umdGFd0I1PG-m1m5p9FVhMg2zOLngK4jjvsSzUY3lYfGQUiVV6FipoM/s72-c/1c3e7dad8c46b445b9c916ee2db530a9_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_245.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_245.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy