දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනපති විශේෂ ප්‍රකාශයක් කරයි
Homeප්‍රවෘත්ති

හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනපති විශේෂ ප්‍රකාශයක් කරයි

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ අවස්ථාවට සහභාගී වීමට අද(23) පාර්ලිමේන්...

මහනුවර ඇසල පෙරහැරේ කප් සිටුවීම අද - පෙරහැර මංගල්‍යය 16දා සිට
පොලිස් බලතල ඉල්ලූ විග්නේෂ්වරන් උතුරේ පොලිස් ලොක්කන් හදිසියේ කැදවයි!
ඇලෝසියස්‌ගේ සිරමැදිරිය අසල තිබූ සිම් කාඩ් එකෙන් 12 දෙනකුගේ සුලමුල හෙළිවෙයි! බන්ධනාගාර සේවකයෙකුත් හවුල්
හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනපති විශේෂ ප්‍රකාශයක් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ අවස්ථාවට සහභාගී වීමට අද(23) පාර්ලිමේන්තුවට පැමිණියේය.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් අග‍්‍රගණ්‍ය කලාකරුවෙකු පමණක් නොව උගතෙකු, විද්වතෙකු මෙන්ම මානවවාදී ගුණාංගයන්ගෙන් යුත් විශිෂ්ට චරිතයකින් හෙබි යුග පුරුෂයකු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ශ‍්‍රී ලාංකිය අභිමානය ජාත්‍යන්තරයට ගෙනයාමට එතුමා විසින් ඉටුකරන ලද යුග මෙහෙවරට එදා මෙන්ම අදත් හෙටත් ජාතියේ ප‍්‍රණාමය හිමිවිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන අභාවප‍්‍රාප්ත පණ්ඩිත අමරදේවයන්ට කෘතවේදිත්වය පළ කරමින් ස්ථාපිත කෙරෙන අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ අවස්ථාවට අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

උත්තර භාරතීය ශාස්ත‍්‍රීය ශික්ෂණය දේශීය හැඩතලයන්ට අවනත කොට මෙරට ජන සංගීතය ද යොදා ගනිමින් දේශීය ලක්ෂණවලින් හෙබි සංගීත සම්ප‍්‍රදායක් බිහි කිරීමට පුරෝගාමී වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ගොඩනගන ලද සංගීත අභ්‍යාස සහ නිර්මාණ මෙරට ජාතික උරුමයක් ලෙස සළකමින්, එම උරුමය අනාගත පරපුරට ද විඳ ගැනීමට හැකිවන පරිදි සුරක්ෂිත කිරීමේ අරමුණින් සංගීතයට සම්බන්ධ සියලු අංග හා යටිතල පහසුකමිවලින් සමන්විතව අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ඉදි කෙරේ.

ඒ පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටි කාලයේදී රජයෙන් කළ ඉල්ලීමේ ප‍්‍රතිඵලයක් මෙන්ම ඒ මහතාගේ අවමංගල්‍ය උත්සවයේ දී ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටු කරමිනි.

අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයේ ඉදිකිරීම් සඳහා 2017 අගෝස්තු 28 වනදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් මුල් ගල් තැබුණු අතර රුපියල් මිලියන 250ක වියදමින් බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේදී එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.

අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය සම්බන්ධ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එහි දෙවන වර කියවීමේ අවස්ථාවට අද එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ විශිෂ්ට ගනයේ කලාකරුවෙකු වූ පණ්ඩිත් අමරදේවයන්ගේ දැක්ම සහ දර්ශනය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සියලු අනුග‍්‍රහයන් ලබාදීමට රජය කටයුතු කරන බවයි.

සිය මධුර ස්වරයෙන් සුවහසක් රසික හදවත් පිනවූ පණ්ඩිත් අමරදේවයන් ශ‍්‍රී ලාංකීය කලා කෙත අස්වැද්දීමටත්, ශ‍්‍රී ලාංකීය අභිමානය ජාත්‍යන්තරයට ගෙන යාමටත් ශක්තිමත් අත්වැලක් වූ බව පැවසූ ජනාධිපතිවරයා සංගීත ක්ෂේත‍්‍රයේ සියලුදෙනා ඇතුළු මෙරට සියලු කලාකරුවන්ට එතුමාගේ චරිතය මහගු ආදර්ශයක් බව ද කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනපති විශේෂ ප්‍රකාශයක් කරයි
හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනපති විශේෂ ප්‍රකාශයක් කරයි
http://am.lk/media/k2/items/cache/8d72078253950cb801874842ca79792c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_780.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_780.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy