පෞද්ගලික සිනමා මණ්ඩල විසින් සිදුකර ලද චිත්‍රපට බෙදා හැරීමේ සියලු බලතල ජාතික චිත්‍රපට සංස්ථාවට ලබාදීමට අධිකරණය තීන්දු කළ ද ජාතික චිත්‍රපට සං...
චිත්‍රපට වර්ගීකරණය කර ධාරා 03ක් යටතේ සංස්ථාව මගින් පමණක් චිත්‍රපට බෙදාහැරීම සිදු කළද එය නියමිත පරිදි පිළි පැදීමට චිත්‍රපට ශාලා හිමියන් නොපෙළඹීම නිසා මේ තත්ත්වය දරුණු වී තිබේ.
ස්පයිඩර් මෑන් ෆාර් ෆොරොම් හෝම් (2019) (Spider-Man: Far From Home - 2019) ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබුවේ පසුගිය සිකුරාදා සිට වන අතර එය ප්‍රදර්ශනයට අවසර නැති සිනමා හල්වලද මේවන විට ප්‍රදර්ශනය වෙමින් පවතින බව පැවසේ.
ස්කෝප් සිනමාස් සතු සිනමා ශාලා අටක් ඇතුළුව සිනමා ශාලා රාශියක මෙලෙස චිත්‍රපට සංස්ථාවේ අවසරයෙන් තොරව මෙම සිනමා පටය ප්‍රදර්ශනය වන බව පැවසේ.
අදාළ සිනමා සිත්තම ලංකාවට ගෙන්වා ඇත්තේ ස්කෝප් සිනමාස් බව පැවැසෙන අතර එම සමාගම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතෙකු වන ඉමිටියාස් කාදර්, ඔහුගේ පුත් වසීම් කාදර් හා තුෂාන් රංගන යන පුද්ගලයන්ට අයත් වූවකි.
අග්‍රාමාත්‍යවරයා සමඟ ඇති හිතවත්කම ප්‍රයෝජනයට ගනිමින් විශය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද මොවුන් විසින් මෙල්ල කරගෙන ඇති බව සිනමා කේෂ්ත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එම තත්ත්වය නිසා අධිකරණයට ද අපහාසවන තත්ත්වයක් ඇතිව ඇතැයි කේෂ්ත්‍රයේ ප්‍රවීනයකු අප සමඟ කියා සිටියේය.
ඔහු පෙන්වාදුන්නේ අගමැතිවරයා ධූරයෙන් පහකළ පසු නැවත ඔහුව ධූරයේ පිහිටුවීමට අවස්ථාව ලැබුණේ අධිකරණ තීන්දුවක් හේතුවෙන් බවත්, එසේ විත්‍රපට සංස්ථාවට වාසි සහගත ලෙස ලබාදුන් තීන්දුවක් අගමැතිවරයාගේ පාර්ශවකම කෙනෙකු කඩ කරන්නේ නම් එහි අපකිර්තිය හිමිවන්නේ අගමැතිවරයාටම බවයි.
කෙසේවුවද, මේ කරුණත් සමග මතුවන තවත් කරුණක් නම් ඉදිරි ජනපතිවරයා යැයි කියන අයට සෘජු තීන්දු ගත නොහැකි දුර්වලයෙක් බව මෙයින් පෙනී යන්නේ යැයි ද ඔහු කියා සිටියේය.
- ශ්‍රී ලංකා මිරර්
COMMENTS