ඉ දිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කිසිවකු විශ්වාස නොකරන පෙරලිකාර තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා සූදානම් බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කො...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කිසිවකු විශ්වාස නොකරන පෙරලිකාර තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා සූදානම් බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණයකදී වෙනත් මැතිවරණවලට වඩා විකල්ප ඕනෑතරම් ඇති නිසා එම විකල්පයක් සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පැවසීය.
මුස්ලිම් ජාතික ඇමැතිවරු සියලු දෙනා පසුගියදා ආණ්ඩුවේ ඇමතිකම් වලින් ඉල්ලා අස්වූයේ නිකරුනේ නොවන බවද කී ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී එම අරමුණද දැඩි සැලකිල්ලට ගන්නා බව ද කීවේය.
කිසිවකු විශ්වාස නොකරන එම තීරණය නිසි වේලාවේ දී රටට ඉදිරිපත් කරන බවද හකීම් මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS