මුස්ලිම් විවාහයකදී කාන්තා හා පිරිමි පුද්ගලයාගේ වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම, විවාහ ලියාපදිංචියේ දී කාන්තාවගේ අත්සන අනිවාර්ය ක...
පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ සංශෝධනය විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබුණි.
ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කොට මුස්ලිම් විවාහ සහ දික් කසාද නීතිය සංශෝධනය විය යුතු ආකාරය පිළිබද යෝජනාවලියක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් මේ වන විට සකස් කර ඇත.
අදාළ යෝජනා ඇතුළත් කරමින් සකස් කරන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට නියමිතයි.
COMMENTS