පැමිණි අණ්ඩපාලලා දෙන්නාගේ හැටි දන්නා නිසාම කෝකටත් කියා ඔවුන් ගිය වහාම ලංකා බැංකු සභාපතිවරයා දුරකථන ඇමතුමක් ලබාගෙන "සර්, පාස්කියි චරි...
පැමිණි අණ්ඩපාලලා දෙන්නාගේ හැටි දන්නා නිසාම කෝකටත් කියා ඔවුන් ගිය වහාම ලංකා බැංකු සභාපතිවරයා දුරකථන ඇමතුමක් ලබාගෙන "සර්, පාස්කියි චරිතයි ජීඕඑච් එක විකුණන්න කියනවා, මම මොකද්ද කරන්න ඕනේ" යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා ඇත. අධික කෝපයට පත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ "මම කාලා තියෙන පරිප්පු හොඳටෝම ඇති ! ඔය එක එකා කියන ඒවා කරන්න එපා. ඕක කැන්සල් කරලා දානවා" කියාය. ඇත්තෙන් ම පාස්කි - චරිත් බාන කී දේ කළා නම් ආණ්ඩුවට එරෙහිව දැනටත් නැඟෙමින් තිබෙන චෝදනා අතරට තවත් රාජ්‍ය දේපළ විකිණීමක් ද එකතු වන්නට තිබිණි.
ආර්. පාස්කරලිංගම් සහ චරිත රත්වත්ත යනු හේත්තු වුණු ආණ්ඩුවක් නන්නත්තාරම කර මිස ආපසු නොහැරුණු ජෝඩුවකි. 2004 බලය අහිමිවීමේ අත්දැකීම මතකයේ තිබේ නම් මොවුන් දුරින් දුරු කොට තබා ගැනුමට එක්සත් ජාතික පක්ෂය සිහියේ තබා ගත යුතුය.
COMMENTS