ඒ අනුව මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ සල්මන් අබෙඩි නැමැති 22 හැවිරිදි පුද්ගලයෙකු බවයි මේ වනවිට හෙළිවී ඇත්තේ. මෙම සැකකරු මැන්චෙස්ටර්හිදී උපත ලැ...
ඒ අනුව මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ සල්මන් අබෙඩි නැමැති 22 හැවිරිදි පුද්ගලයෙකු බවයි මේ වනවිට හෙළිවී ඇත්තේ. මෙම සැකකරු මැන්චෙස්ටර්හිදී උපත ලැබූවෙකු බව වාර්තා වන අතර ඔහුගේ දෙමාපියන් ලිබියානු ජාතිකයන් බවයි පොලීසිය පවසන්නේ.
කෙසේ වෙතත් ඔහු පිළිබඳව වෙනත් තොරතුරු කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 22 ක් මියගිය අතර ඔවුන්ගෙන් තවමත් හඳුනාගෙන ඇත්තේ තිදෙනෙකු පමණයි. තවත් 59 දෙනෙකු මෙම බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා තිබෙනවා.
COMMENTS