නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ අධ්‍යන චාරිකාවකට ඊයේ (3) එක් වෙමිනි. ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ රජරට ජනතා...
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ අධ්‍යන චාරිකාවකට ඊයේ (3) එක් වෙමිනි. ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ රජරට ජනතාවගේ පානීය ජලය ඇතුළු සියළුම ජල අවශ්‍යතා මෙම ජල ව්‍යාපෘතියෙන් සැපිරීමට නියමිත බවත් 'ඉහළ ඇළහැර' ව්‍යාපෘතිය හා වයඹ ජනතාවට ජලය ගෙනයන ඇළ මාර්ගය ඉදිකිරීමේ සමාරම්භක කටයුතු එදින ම ජනපති අතින් සිදු කිරීමට නියමිත බවත්ය.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 1,200ක වියදමින් ඉදිකෙරෙන්නකි. ජලාශය වර්ග කිලෝමීටර් 29.5 ක වපසරියකින් යුක්ත වන අතර රජරට දක්වා දිවෙන ඇළ මාර්ගය කිලෝ මීටර් 102ක් දිගින් යුක්තය. මෙය මහවැලි ව්‍යාපෘතියේ විශාලතම ජලාශයද වේ.
පසු සටහන -
වසර ගණනක් තිස්සේ කාල් ගගා තිබුණු මොරගහකන්ද ජලාශයේ වැඩ කටයුතු දැන් හෝ අවසන් වීම ගැන සතුටුය. එහෙත් ප්‍රායෝගික තලයේ ගැටළුය. මේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආරම්භ වුණු මුල් ම කාලයේ මෙය හදිසියේ නවතා දමන්නට සිදු විය. ඒ, පරිසර වාර්තාව අසමත් වීම නිසාය. ඒ කාලයේ මහවැලි ඇමති කවුදැයි කියා අපට වඩා හොඳට ජනාධිපතිතුමා දන්නවාය. කෙසේ වෙතත් ඒ කාලයේ මොනම වාර්තාවක්වත් ෆේල් කර නොගන්නා රාජපක්ෂ ආණ්ඩුව අවුරුද්දක් හමාරක් ඇතුළත පරිසර ප්‍රශ්නය විසඳා ගත්තේය. දැවැන්ත පරිසර හානියක් පිළිබඳ ප්‍රශ්නයක්, රටක අනාගත පරම්පරා ගණනකට බලපාන පාරිසරික ප්‍රශ්නයක්, වසරක් හමාරක් තුළ ප්‍රශ්නයක් නොවේයැයි කීම ? ඇත්තෙන් ම ලෝකයේ අට වෙනි පුදුමය වෙන්නට ඕනෑ මේවාය.
මහවැලි ව්‍යාපෘතියෙහි විශාලතම ජලාශය වන මෙහි විශාලත්වය ගැන චිත්‍රයක් මවා ගත හැක්කේ මෙහි එක් පසෙකින් ඉහළින් ඇති මාර්ගයේ මුදුනට ගමන් කළ විටය. එහි වපසරිය අනුව පොළොවටත් ඇති පදම් ජලය උරාගෙන ජලාශය පිරෙන්නට කොයිතරම් කාලයක් යයිද දන්නේ මහවැලි ලකුණේ ඉන්නා පෙණ හතේ නයා ම පමණ ය. තවද මේ ප්‍රදේශය හරහා භූගත ගංගාවක් ඇති බවට ද කතාවක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කර නොමැත, කෙසේ වෙතත් එවැන්නක් තිබේ නම් මොරගහකන්දෙන් ජලාශය වෙනුවට විනාශය ලැබෙන්නත් පුළුවන.
අවසාන වශයෙන් ගත් කල, මෙතෙක් ප්‍රදේශයේ රැඳී සිටි වන අලින්ට කුමක් කළාදැයි දැන ගන්නට නැත. ඔවුන් ළඟ ළඟ ඇති ගම්මාන වලට පනිනු ඇති අතර අලි - මිනිස් ගැටුම දීර්ඝ කාලීනව ඇදෙනු ඇත. අලි තබා ජලාශය හේතුවෙන් අවතැන් වෙන ජනතාවට සාධාරණ වන්දියක්වත් ලැබුණාදැයි අප දන්නේ නැත. අවසන් වරට අප එහි ගිය අවස්ථාවේදී ගම්වැසියෙක් ප්‍රකාශ කළේ 1980 ගණන් වල තක්සේරු ලේඛන වලට අනුව තක්සේරු වාර්තා සකස් කෙරුණු බවය. කෙසේ වෙතත් කෘෂිකර්මාන්තය යැපුම් මට්ටමේවත් නොමැති, සහල් පිට රටින් ගෙන්වන ශ්‍රී ලංකාවකට ජලාශ අවශ්‍යය ය. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට අවශ්‍යය. එහෙත් ඒ දියුණුව කරා යා යුත්තේ ජනතාව පහළට තල්ලු කරමින් නොව අඩියක් හෝ ඉහළට ඔසවා තබමිනි. ඒවගත් සිහිපත් කරමින් නව ජලාශයෙන් ප්‍රතිලාභ ලබන්නන්ට සුබ පතමු.
COMMENTS