දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිළධාරීන් 11 ක් හා යුද හමුදා භටයන් 61 ක් දකුණු සුඩානයට පිටත් වෙයි - Photos
Homeවිශේෂ පුවත්

නිළධාරීන් 11 ක් හා යුද හමුදා භටයන් 61 ක් දකුණු සුඩානයට පිටත් වෙයි - Photos

PropellerAds

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානය බලා පිටත්ව ගි...

වෛද්‍යවරුන් හරිම අසාධාරණයි -,පීඩාවට පත් රෝගීන්
ඉන්න අයට ඉන්න පුළුවන් බැරි අයට යන්න පුළුවන් - රවී කරුණානායක
ඉන්න අයට ඉන්න පුළුවන් බැරි අයට යන්න පුළුවන් - රවී කරුණානායක

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානය බලා පිටත්ව ගිය බව ගිය බව යුද හමුදා මාධ්‍ය අංශ පවසයි.

අද(03) අළුයම මෙම යුද හමුදා භටයින් පිරිස දකුණු සුඩානය බලා පිටත්ව ගියේය.

ඔවුන් දකුණු සුඩානයට මෙරටින් පිටත්ව යන 6 වන හමුදා කණ්ඩායම වන අතර වසරක කාලයක් එහි සේවය කිරීමට නියමිත බව යුද හමුදාව සඳහන් කළේය.

මෙම කණ්ඩායම පිටත්ව යාමත් සමඟ එහි සේවය කරන 5 වන අදියර යටතේ දකුණු සුඩානයේ සිය රාජකාරී කටයුතු නිම කළ කණ්ඩායම සිය රාජකාරී සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව අද දින නැවත දිවයිනට ලඟාවීමට නියමිතව ඇති බව යුද හමුදාව පවසයි.

එක්සත් ජාතීන්ගේ ඉල්ලීම පරිදි, හදිසි වෛද්‍ය ව්‍යාපෘතියක් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාව සිය වැඩිදියුණු කළ හා පරිණත වෘත්තීයභාවය අන්තර්ජාතික මට්ටමට ගෙන එමින් මීට වසර කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ බෝර් හි පළමු වරට ‘SRIMED’ 2 වන අදියරේ රෝහලක් පිහිටුවීමට සමත් විය.

මෙම ව්‍යාපෘතිය ‘එක්සත් ජාතින්ගේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂකගේ එක්සත් ජාතීන්ගේ වෘත්තීය කාලවකවානුව තුළ මෙතෙක් දැක ඇති වේගවත්ම හා සැලසුම් සහගත ව්‍යාපෘතියක්’ ලෙස ප්‍රශංසාවට ලක්ව ඇත.

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා භට පිරිස් යොදවන රටක් ලෙස මේ වනවිට පිළිගෙන ඇති අතර එම කටයුතු වල නිරතවන ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට ප්‍රශංසා කර ඇති අතර අප්‍රිකානු මහාද්වීපයට ඔවුන් දැක්වූ දායකත්වයද ඉන් කැපී පෙනේ.

දකුණු සුඩානය පදනම් කරගත් මෙම නව ‘SRIMED’ රෝහල තුළ ශල්‍යාගාරයක්, ප්‍රසූතිකා ගාරයක්, දැඩි සත්කාර ඒකකයක්, හදිසි ප්‍රතිකාර අංශයක්, බාහිර රෝගී අංශයක්, දන්ත සැත්කම්, දන්ත වැඩමුළුව, ෆාමසි, වෛද්‍ය ගබඩාව, විකිරණ විද්‍යා දෙපාර්තමේන්තුව, සායනික රසායනාගාරය, ඊසීජී කාමරය ඇතුළු ද්විතීයික සත්කාර වෛද්‍ය සේවාවන් සඳහා අවශ්‍ය අංගයන්ගෙන් සමන්විතය. විෂබීජහරණ දෙපාර්තමේන්තුව, ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශය, වෛද්‍ය අපද්‍රව්‍ය බැහැර කිරීමේ අංශය, වායූ සමනය කළ මෘත ශරීරාගාරය, හුදකලා වාට්ටුව සහ ලොන්ඩරි පහසුකම් සහිත වාට්ටු, වායූසමනය කරන ලද ගිලන්රථ පහසුකම් මෙන්ම ගුවන් මඟින් රෝගීන් ප්‍රවාහනය කිරිම සඳහා සියළු වෛද්‍ය පහසුකම් සහිත ගුවන් යානා පහසුකම් ද ඇත.

අද උදෑසන දිවයිනෙන් පිටත්ව යන කණ්ඩායම නිරීක්‍ෂණය කිරිම යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ගුවන් තොටුපල පරිශ්‍රය වෙත පැමිණ සිටි බව යුද හමුදාව පැවසීය.







Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29574,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිළධාරීන් 11 ක් හා යුද හමුදා භටයන් 61 ක් දකුණු සුඩානයට පිටත් වෙයි - Photos
නිළධාරීන් 11 ක් හා යුද හමුදා භටයන් 61 ක් දකුණු සුඩානයට පිටත් වෙයි - Photos
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuqkU6kkjJWqXMCcwQTEQLDkWai5mF-PKGWcnPmOTe_gxl0KYqJfaP0KAYehpxJZRXwm66bzspeYLrftDIcOVoJ6A-iuxktCUc3Lyoen5KJM4Aotf6NID9BM-_Vosnl8H-JRFOiuNFqNNk/s640/army.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuqkU6kkjJWqXMCcwQTEQLDkWai5mF-PKGWcnPmOTe_gxl0KYqJfaP0KAYehpxJZRXwm66bzspeYLrftDIcOVoJ6A-iuxktCUc3Lyoen5KJM4Aotf6NID9BM-_Vosnl8H-JRFOiuNFqNNk/s72-c/army.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/11-61-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/11-61-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy