ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ගේ “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ මෙරට අපනයන නිෂ්පාදන සඳහා පනවා තිබූ සියයට 30 ක තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට...
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ගේ “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ මෙරට අපනයන නිෂ්පාදන සඳහා පනවා තිබූ සියයට 30 ක තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට ශ්‍රී ලංකාව ඇමරිකාවට පුළුල් පරාසයක සහන රැසක් දීමට පොරොන්දු වූ බව ආරංචි මාර්ග ප‍්‍රකාශ කලේය.
ඇමරිකාවේ කර්මාන්ත නිෂ්පාදන 2000 කට සහ කෘෂිකාර්මික නිෂ්පාදන ඊට වඩා අඩු ප්‍රමාණයකට ශ්‍රී ලංකාව සහන ලබා දීමට එකඟ වී තිඛෙන බවත් ඒ වෙනුවට මෙරට කර්මාන්ත නිෂ්පාදන 1,161 ක් සහ කෘෂිකාර්මික නිෂ්පාදන 42 කට පුළුල් සහන දීමට ඇමරිකාව එකඟ වී තිඛෙන බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
ඉන් ඇතැම් නිෂ්පාදන ජනාධිපති ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් නිදහස් වනු ඇති බවත් ඒම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
නිෂ්පාදන තවත් ඇතැම් සඳහා එම්. එෆ්. එන්. ප්‍රතිපත්තිය යටතේ පනවා ඇති බදු ප්‍රතිශතය සහ අන්‍යෝන්‍ය බදු ක්‍රමය යටතේ සියයට 10 ත තීරු බද්දක් පැන වෙනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඒ අතරතුර දී මෙරටට ගෙන්වන ඇමරිකානු භාණ්ඩ සඳහා පනවා තිබෙන තීරු බදු සියල්ල ඉවත් කිරීමට උත්සාහ දරනු ඇතැයි ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ද එළැඹීමට යන්නේ බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දුනීසියාව, පාකිස්තානය සහ වියට්නාමය වැනි රටවල් එළැඹුණු ආකාරයේ වෙළෙඳ ගිවිසුමකට බව ආරංචි මාර්ග පැවැසුවේය.
ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක බොරතෙල් සහ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක එල්. පී ගෑස් මිලදී ගනු ඇතැයි ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඇමරිකාව සමග වෙළෙඳාමේ දී ශ්‍රී ලංකාවට විශාල ලෙස වාසි සහගත වෙළෙඳ හිගය අවම කිරීම සඳහා මෙලෙස ඇමරිකාවට විශාල සහන ප්‍රමාණයක් දීමට ශ්‍රී ලංකාව එකඟ වූ බවද ආරංචි මාර්ග පැවැසුවේය.
ඇමරිකාව සමග B බද්ද අඩුකර ගැනීම සඳහා ඇමරිකානු වෙළෙඳ නියෝජිතකාර්යාලය සමග පසුගියදා පැවැති නවතම සාකච්ඡා වටයේ දී ඇමරිකාව මෙරට කර්මාන්ත නිෂ්පාදන 1,161 ක් සහ කෘෂිකාර්මික නිෂ්පාදන 42 ක් සඳහා සහන දීමට එකඟ වූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ට්‍රප්ගේ තීරු බද්දෙන් ඇතැම් නිෂ්පාදන නිදහස් වුවත් එම නිෂ්පාදන පත්තීය සඳහා එම්. එෆ්. එන්. ප්‍රතිපත්තිය යටතේ පනවා ඇති බදු ප්‍රතිශතඒ ආකාරයෙන්ම පැනවෙනු ඇතැයි ද ආරංචි මාර්ග පැවැසුවේය.
එම්.එෆ්.එන්. ප්‍රතිපත්තිය යටතේ පනවා තිඛෙන බදු පනවා ඇත්තේ ඇමරිකානු කොංග්‍රසය වීමත් “අන්‍යෝන්‍ය බුදු” ක්‍රමය යටතේ බදු පනවා ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වීමත් එයට හේතුව බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එම.එෆ්.එන්. ප්‍රතිපත්තිය යටතේ පනවා ඇති බදු ප්‍රතිශතභාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වන බව ද ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
ඇමරිකාව එම.එෆ්.එන්. ප්‍රතිපත්තිය යටතේ පනවා ඇති බදු ප්‍රතිශත සඳහා කිසිම රටකට නිදහස් කිරීම් ලබා දී නොමැති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මෙරට සමඟ තරග කරන රටවල් ඇමරිකාවට ලබාදෙන සහන වලට ගැලපෙන ආකාරයෙන් සහන ලබා දෙමින් තරගකාරිත්වය පවත්වා ගෙන යාම ශ්‍රී ලංකාවේ අරමුණ වූ බව ද ආරංචි මාර්ග පැවැසුවේය.
තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට හැකිවීම ඇඟලුම් අපනයනයේ දී බංග්ලාදේශය, පාකිස්තානය, වියට්නාමය සහ කාම්බෝජය වැනි රටවල් සමග තරග කිරීම සඳහා ශ්‍රී ලංකාවට සම බිමක් නිර්මාණය කර තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ඇමරිකාවට කරන අපනයන වලින් සියයට 70 ක් ඇඟලුම් බවත් ඇමරිකාව සහන ලබාදි තිබෙන නිෂ්පාදන 1,161 කට ශ්‍රී ලංකාව ඇමරිකාවට නොකරන අපනයනය නිෂ්පාදන තිබෙන බවත් ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.
කරන සහන ලබා දී ඇති ලැයිස්තුවේ ඇති නිෂ්පාදන ලෙස බලන විට ඇමරිකාවට අපනයන වලින් සියයට 25 ත ප්‍රතිශතයකට සහන ලැබී තිබෙන බව පැවැසිය හැකි බවත් කෙසේ නමුත් එම සියයට 25 ක ප්‍රතිශතයෙන් ඇඟලුම් නිෂ්පාදන ද ආවරණය වන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
සන්ඩේ ටයිමිස්
COMMENTS