GSP+සහන යළි ලබා ගැනීමේ ක්‍රියාවලියේදී කොන්දේසි 58කට ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා,මේවා රටේ ඒකීයභාවයට බාධාවක් කියන චෝනදාව එල්ල වුණා.මේ ගැන පැහ...
GSP+සහන යළි ලබා ගැනීමේ ක්‍රියාවලියේදී කොන්දේසි 58කට ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා,මේවා රටේ ඒකීයභාවයට බාධාවක් කියන චෝනදාව එල්ල වුණා.මේ ගැන පැහැදිලි කිරීමක් කළොත් ?
එදා මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ,අජිත් නිවාඩ් කබ්රාල් කිව්වේ GSP සහනය වැඩක් නැහැ කියලා.එයාලා ඒක නැතිකරගත්තා.මේකෙන් අපිට අදායම් විදිහට බිලියන 200ක් ලැබෙනවා.මොකක්ද මේකේ නරක.අපි මේ සහන නැවත ගත්තට පස්සේ ඒ අයට උහුලන්නේ නැහැ.ඒ අය ණය අරන් හොරකම් කළා.අපි ණයක් ගන්නෙත් රටේ දියුණුවට.අපි වෙහෙසෙන්නේ රටේ හොරකම නැති කරන්න.මේක තමයි වෙනස.ඒකයි නැති බිල්ලෝ මවන්නේ.මෙතැනදී වෙන්නේ සාමාන්‍ය නිතිය රටේ ක්‍රියාත්මක කිරීමක්.
ව්‍යවස්ථාව පිලිබඳ කතාකරද්දී මතුවෙලා තියෙන කාරණයක් තමයි විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවද නැද්ද කියන කරණය.දැනටමත් ශ්‍රීලනිපය කියනවා විධායක බලතල තියෙන්න ඕනේ කියලා.එජාපය කියනවා පාර්ලිමේන්තුව බලගන්වන්න ඕනේ කියලා.මේ කඹ ඇදිල්ලේ අන්තිම තීන්දු ගැන කියන්න පුලුවන්ද?
ජනාධිපතිතුමත්,අගමැතිතුමත් ඉන්නේ එක ස්ථාවරයක.ඒකේ වෙනසක් නැහැ.
විධායකය අහෝසි වෙනවා?
ඔව්,අනිවාර්යෙන්ම.ඒකනේ අපේ පොරොන්දුව.චන්ද්‍රිකයි,මහින්දයි ආවේ විධායකය අහෝසි කරනවා කියලා.කළාද? නැහැනේ.අපිට තවත් එහෙම ආණ්ඩුවක් වෙන්න ඕනේ නැහැ.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියපු දේ කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක හිටපු නැති අය තමයි දැන් එක එක කතා කියන්නේ.
සාකච්ජා කළේ - ආශිකා බ්‍රාහ්මණ
ජායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS