පා ර්ලිමේන්තු තේරීම් කාරක සභාව පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාගේ සිදු කල ප්‍රශ්න කිරීම් අනුමත නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජප...
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාගේ සිදු කල ප්‍රශ්න කිරීම් අනුමත නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කලවාන – පොතුපිටිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයක් සඳහා එක් වෙමින් විපක්ෂ නායක වරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජයේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා බුදුදහමට හානිකර තත්වයක් ඇතිවූ බවයි.
කලවාන- පොතුපිටිය -ඉඹුලකන්ද මිහිඳු කළා විහාරස්ථානයේ බුද්ධ මන්දිරය සහිත චෛත්‍ය විවුර්ත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක වරයා,
අවුරුදු තිහක් තිබුණු යුද්ධය අපි අවුරුදු දෙකහමාරකින් තුනක් යන්නට ප්‍රථම අපි අවසන් කළා.ඒක කරලා අපි රටේ සංවර්ධනය ඇති කළා.එදා ගමේ මිනිස්සුන්ගේ අතේ සල්ලි තිබුනා.රටේ සල්ලි තිබුනා.ආර්ථිකය ඉදිරියට ගියා.ආර්ථිකයේ තිබුණු හැම අංශයක්ම ඉහළ නග්ගන්න අපිට මේ කාලය තුළ පුළුවන් වුනා.ලක්ෂ හතරක් වෙලා තිබුණු සංචාරකයින් ලක්ෂ දහ අටක් දක්වා වැඩි කරලා මම භාර දුන්නේ.මේ අය විසි හතර දක්වා ඇවිත් අද බිංදුවට වැටිලා තියෙනවා.මේ තත්වයෙන් ආර්ථිකය කඩා හැලෙනකොට පසුගිය දවසේ ඇතිවෙච්ච ප්‍රහාරය නිසා අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වුනේ නැහැ වසර දහයක්.
අපි ලබාගත්ත අවුරුදු දහය නිදහස අවුරුදු තිහක යුද්දෙන් පස්සේ අවුරුදු දහය සම්පුර්ණ වෙන්න තිබුනේ මැයි මාසේ දහ නමවෙනිදා.අපිට දහ නමය සමරන්න සිද්ද වුනේ නැවත භයෙන්.අද මේ කාලය තුලදී වෙසක් උත්සවය හැමදාම මැයි මාසේ තිබුණා.පහුගිය කාලේ බක් මාසයට ආවා ඒක. බලන්න ඒ වෙනස.ඊට පස්සේ අවුරුද්දේ මැයි දිනය සමරන්න බැරි වුණා.එකත් එක්ක.ඊළඟට පහුගිය වෙසක් උත්සවය අපට සමරන්න බැරි වුනා.දැන් පොසොන් උත්සවයක් තියෙනවා.ඒක අපි සමරන්න ඕන.අපි අද සන්තෝෂ වෙන්නේ මේ වගේ මේ සෙනගක් ඇවිල්ලා…විශාල පිරිසක් ඇවිල්ලා පන්සලක උත්සවය සම්බන්ධ වීම පිළිබඳව.අපි භියෙන් ජීවත් විය යුතු නැහැ.අපේ රටක කිසි කෙනෙක් කිසි කෙනෙකුට බියවිය යුතු නැහැ.නමුත් මේ වගේ රටක් මේ වගේ තත්වයකට අද වැටුනේ ඇයි?…අපේ ජාතික ආරක්ෂාව අපෙන් ගිලිහිලා ගියා.ඒ ජාතික ආරක්ෂාව ගැන ඔවුන් තැකුවේ බොහොම පහසු විදියට.මට මතකයි සමහර ඇමතිවරු ගිහිල්ලා පාරවල් හරස් කරලා තිබුණු බැරියර් විසි කළා.මේ මොන බොරු වැඩක්ද කියලා.හමුදාව අයින් කෙරෙව්වා.කඳවුරු අයින් කළා.කරලා නිදහසේ අපිට ප්‍රශ්නයක් නැහැ කියලා බොහොම සැහැල්ලුවෙන් ජාතික ආරක්ෂාව ගැන බැලුවේ.ආරක්ෂක මණ්ඩලය නිසි ආකාරයෙන් රැස් වුනේ නැහැ. මේ සාක්කි තියෙනවා.ඉතින් එවැනි තත්වයක් ඇතිවෙලා තියෙන අවස්තාවක තමයි මේ බෝම්බ ප්‍රහාරය ආවේ.ආගමික අන්තවාදය නිසා.මම හැමවෙලාවෙම කියන්නේ ත්‍රස්තවාදියාට ආගමක් හෝ ජාතියක් නැහැ කියලා මම විස්වාස කරනවා.ඒ ත්‍රස්තවාදියා ඒ ත්‍රස්තවාදියාමයි.හොඳ ත්‍රස්තවාදියෝ කියලා කට්ටියක් නැහැ.නමුත් අද මොකද වෙලා තියෙන්නේ මේ අයට?…මේක නිසා අද මුළු ජාතියක්ම සැකෙන් ජීවත් වෙනවා…භයෙන් ජීවත් වෙනවා…සියලු දෙනා..මුළු රටක් භයෙන් ජීවත් වෙනවා.ඒ වගේ තත්වයකට අද පත්වෙලා තියෙනවා…අම්මලාට ගිහින් පාසල් මුරකරන්න සිද්ධ වෙලා තියෙනවා.මේ තත්වය වෙනස් වෙන්න ඕන.මේ මානිසිකත්වයෙන් අපි ඈත් වෙන්න ඕන.නායකයෝ මුලින් ඉදිරිපත් වෙන්න ඕන.නායකයෝ ඒ සඳහා සුදානම් විය යුතුව තියෙනවා.මේ රට ආරක්ෂා කරගත යුතුව තියෙනවා.
බුදු දහම පිළිබඳව අද කතා වෙනවා.අද සමහරුන්ට සිංහල බෞද්ධකම නැතිවෙලා.එක අමතක වෙලා..අද සමහර අයට කියන්න ලැජ්ජයි සිංහල කියන්න ලැජ්ජයි.සමහරුන්ට ලැජ්ජයි තමන් බෞද්ධයෙක් කියලා කියන්න.තමන්ගේ ආගම ගැන ජාතිය ගැන කතා කරන්න බයක් වෙන්න ඕන නැහැ..අද වෙලා තියෙන්නේ සිංහලයා…සිංහලයා කියලා කිව්වොත් ඒක ජාතිවාදී කතාවක් කියලා කියන්න පටන් ගන්නවා…හැමෝටම තමන්ට කියලා සංස්කෘතියක්,අනන්‍යතාවයක් තියෙනවා..ඒක සිංහලයට වගේම දෙමල අයටත් තියෙනවා…ඒක මුස්ලිම් ජාතියටත් තියෙනවා..ඒ ගැන අපේ කිසි තර්කයක් නැහැ..එකේ ගැටළුවකුත් නැහැ.හැමෝම ත්‍රස්තවාදියොත් නෙමෙයි..හැම දෙමළ කෙනෙක්ම ත්‍රස්තවාදියෝ නෙමෙයි..අපිට පුළුවන්කම තිබුණා පහළොස් දහසක් පුනුරුත්තාපනය කරලා සමාජයට යවන්න..හැබැයි අපි පරිස්සම් වුනා..ඔවුන් ගැන විමසිල්ලෙන් හිටියා අපේ කාලය තුලදී.අද නැවත වාරයක් මේ තත්වය ඇති වුනේ ඒ තිබිච්ච ක්‍රමවේදය ආරක්ෂක වළල්ල,ආරක්ෂක අංශය අඩපන කිරීමේ ප්‍රතිපලය.අද හාමුදුවරු හිරේ දානවා.අද සමහරුන්ට කියනවා.පහුගිය කාලේ පොතක් ලිව්වා ආගම ගැන..ආගම් අවශ්‍ය නැහැ.”නිබ්බානම් පරමං සැපන් කියනකොට කිව්වා නිර්වස්ත්‍රම් පරමං සැපන් කියලා”…එහෙම පොත් ලිව්වා..මේකෙන් පේනවා මොනතරම් සුක්ෂමව පසුගිය අවුරුදු හතර තුළ ආණ්ඩුව බුදුදහම විනාස කිරීමට කටයුතු කලාද කියලා.ඒක ඉතාම සියුම් විදියට කළා.ඒ එක්කම නොයෙක් දේවල් ඉදිරපත් වුනා…සම ලිංගික විවාහ පිළිබඳව අපි දැක්කා කතා කරනවා..ඒවාට අවසර දෙන්න ඕන කියලා කතා කළා..මෙවැනි තත්වයන් රටතුළ ඇති වේගෙන ආවා.ඒ සියල්ලම මේ ආණ්ඩුව තුළ ඔවුන්ගේ ප්‍රතිපත්ති බවට පත් වුනා.මේ පිට රටින් එන්.ජී.ඕ කාරයෝ එනවා.ඒ අයගේ න්‍යායන් මේ රටට ඇවිත් ක්‍රියාත්මක කරන්න හදනවා.මේ රටේ ජාතියක් අවශ්‍ය නැහැ..ආගමක් අවශ්‍ය නැහැ…ඒ ආගමක් අවශ්‍ය නැතැයි කියපු උදවිය තමයි එදා අපිව පරාජය කරන්න මහා ලොකු සටන් කලේ.. අද අපිට පේනවා මේවාගෙන් ඇතිවෙලා තියෙන ප්‍රතිපලය.වෛරක්කාරී සමාජය ඇති කළා මේ අය..උදේ පාන්දර රුපවාහිනිය බැලුවොත් අපිට පෙන්නේ වෛරය වපුරන එක.උදේ පාන්දර ඉඳලා වෛරය..අවුරුදු හතර තිස්සේ කළේ එකම කාර්‍යයයි.අපිට විරුද්දව චෝදනා තියෙනවා කියලා උසාවි ගෙනියන්නයි නඩු පවරන්නැයි උත්සහ කළා.අද අධිකරණය ස්වාධීනයි කියනවා.අපි කියනවා “අධිකරණය ස්වාධීනයි කියලා” හැබැයි අධිකරණය ස්වාධීන වෙනකොට තව පැත්තකින් මොනවද කරන්නේ?…පාර්ලිමේන්තුවට අලුත් පනත් ගේනවා.නඩුවක් මහාධිකරණයේ පවරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්.අද නීතිපති දෙපාර්තමේන්තුව නම් ලැයිස්තුවක් යවනවා.අග්‍ර විනිශ්චයකාරයට.අග්‍ර විනිශ්චයකාරයා තෝරනවා මේකේ නඩුව යන්න ඕන.මේකේ නඩුවක් තියෙනවා.අද එතුමා තමයි නඩුව ඉදිරිපත් කරන්නේ.එතකොට මොකක්ද වෙන්නේ ඒක පල්ලෙහා උසාවියට යවනවා.අග්‍ර විනිශ්චයකාරයා නඩුවක් තියෙනවා කියලා එවපු එක පහල අධිකරණයෙන් ඔහුව නිදහස් කරන්න දෙපාරක් හිතනවා.මොන අදහස තිබුනත්..ලොකු ප්‍රශ්නයක්..එක නිසා අධිකරණයේ කටයුතු ක්‍රියාත්මක වෙනකොට පෙනුමටත් තියෙන්න ඕන ස්වාධීනත්වයක් ජනතාව තුල.එතකොට මේ ගැන සැකයක් ඇතිවෙනවා.මේක අධිකරණයේ වරද නෙමෙයි.පාර්ලිමේන්තුවේ වැරදි.එක පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්ත පනත.වැරදි පනත් සම්මත කරගත්තම වැරදි විදියට තීන්දු එන,වැරදි විදියට ක්‍රියාත්මක වෙන අධිකරණයක් ඉබේ ඇති වෙනවා.එතකොට ජනතාවට අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය නැතිවෙලා රට අරාජික වෙලා යන්නේ.අධිකරණයට තියෙන බිය අධිකරණයට තියෙන ගෞරවය අධිකරණයට තියෙන ස්වාධීනත්වය විශ්වාසය අබමල් රේණුවකින්වත් අඩුවෙන්න තියන්න හොඳ නැහැ.නීතිඥයෝ වශයෙන් අපි හැමදාම අධිකරණයට ගරු කරනවා.නමුත් මේ තත්වයට පත් කරන්නේ ආණ්ඩුවක් විසින්.මේක තමයි ඇත්ත කතාව.මේවා පිළිබඳව සොයාබලන්න ඕන යුගය ඇවිල්ලා තියෙනවා.හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා.මේ තත්වය වෙනස් වෙන්න ඕන.පලිගැනීම සඳහා අලුතෙන් අධිකරණ පිහිටුවීම වැරදියි.ඒ නිසා මේවා පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕන කියලා කියන්න ඕන ඒ හින්දා..අද තියෙන තත්වය රට ඉතාම කනගාටුදායක තත්වයක් ..රටේ ජනාධිපති නැහැ,රටේ අගමැති නැහැ,රට අරාජික වෙලා.සියලුදෙනා මොනවා වෙනවද කියලා දන්නේ නැහැ.පාර්ලිමේන්තුව හෙට අනිද්දා රැස්වෙනවා.මේ තත්වයක් යටතේ රටක් ඉදිරියට යන්නෙත් නැහැ ජනතාවට සෙතක් වෙන්නෙත් නැහැ ..ඒකයි අපේ විශ්වාසය.
අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා.
මාධ්‍යවේදියා -:
“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා.එහි ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යන අතර තුර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගෙන් ඇඳුම් සම්බන්ධයෙන් ගෙන ආ චක්‍රලේඛනයක් ගැන ප්‍රශ්න කිරීමක් සිදු කළා.මේ ගැන ඔබ තුමාගේ අදහස මොකක්ද?….”
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:
“මම හිතන්නේ නැහැ මේ අයට ප්‍රශ්න කරන්න බලයක් තියෙනවා කියලා එහෙම ප්‍රශ්න කරන්න.තේරීම් කාරක සභාව පත් කල කාරණයක් තියෙනවනේ.පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳවයි ප්‍රශ්න කරන්නේ.රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා ගෙනල්ල ප්‍රශ්න කරන්නේ ප්‍රහාරයෙන් පස්සෙ නේ චක්‍ර ලේඛනය ආවේ.ඒක ගැන ප්‍රශ්න කරන්න බැහැ.”
– දෙනියාය ප්‍රියංක ගමගේ

COMMENTS