ඉ දිරියේ පිහිටුවන ආණ්ඩුවෙන් මේ රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සියලු ජාතින්ට මේ පොළවේ ජීවත් වීමට හැකි සමාජයක් ගොඩ නැගීමට කැපවන බව විපක්‍ෂ න...
ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවෙන් මේ රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සියලු ජාතින්ට මේ පොළවේ ජීවත් වීමට හැකි සමාජයක් ගොඩ නැගීමට කැපවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පස්වරුවේ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවති පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 02ක් පිරීම නිමිත්තෙන් යුක්තියේ පහන්වැට සංවිධානය මගින් සංවිධානය කරනු ලැබු අදිෂ්ඨාන පුජාව සඳහා එක්වෙමිනි.
වැඩි දුරටත් අදහස් දැක් වු ඔහු
‘මේ ආණ්ඩුව ඉදිරියට මෙවැනි ප්‍රහාරයන් ඇති නොයවයි කියා ප්‍රකාශයක් කරන්නේ නැහැ. ත්‍රස්තවාදය පිළිබඳ මේ ආණ්ඩුවේ දැනීමක් ඇති කෙනකුට ඉන්න හිටපු හමුදාපතිවරයා කියනවා මෙවැනි ක්‍රියා නැති කිරීමට කාලයක් ගත වනවා කියා. අපි සියලු දෙනා බියෙන් ජිවත් වෙනවා. පොහොයට පන්සලට යන්න නැහැ. පල්ලියට යන්න නැහැ. මුස්ලිමි ජනතාවගෙන් කිහිප දෙනකුගේන් සිදු වු ත්‍රස්තවාදී ක්‍රියා නිසා ඔවුන් දිහා සැකෙන් බලනවා. වැඩි වශයෙන්ම මෙයින් බැට කන්නේ මුස්ලිම් ප්‍රජාව. මුස්ලිමි නායකයින්ට, මුස්ලිම් පුජකවරුන්ට වගකීමක් තියෙනවා මෙවැනි අන්තවාදී අදහස් ඇති තරුණයින් පුනුරුත්ථාපනය කිරීමට. රජය මෙම ප්‍රහාරයේ වගකීමෙන් මිදිලා. ජනතාව වැරදිකරුවන් වෙලා. ත්‍රස්තවාදය නිමා කර අවු.10ක් අපට නිදහසේ ජිවත් වීමට හැකි උනේ නැහැ. ආණ්ඩුව මේවට සම්බන්ධ සියලු තොරතුරු දැනගෙන තිබුනා. මේවට සම්බන්ධ පුද්ගලයින්ගේ නම්, ලිපිනය, හැඳුනුම්පත් අංක, පහර දෙන ස්ථාන යන ඒවා අප්‍රේල් 04 වැනිදා වන විට පොලිසිය රජයට දන්වලා. ලියුම් එහේ මෙහේ හුවමාරු උනා. ඇමති තාත්තා පුතාට කිව්වා පල්ලියට යන්න එපා කියලා. නමුත් කිතුනු ජනතාවට, පල්ලියට, කාදිනල්තුමාට ඒ බව කියන්නේ නැහැ. මන්ත්‍රිවරුන්ට ඇමතිවරුන්ට දැනුම් දුන්නා පසුගිය 13 වනදා ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා. අපි ඒ ගැන පාර්ලිමේන්තුවේ කිව්ව නිසා බෝම්බ ගැහුවේ නැහැ කියා ආණ්ඩුව අපට කියනවා.
දරුවන් පාසල් ගෙනියන්න අපි මැදිහත් උනා. රටේ ආර්ථිකය කඩා වැටෙනවා අපිට බලාගෙන ඉන්න බැහැ. වගකිව යුතු විපක්‍ෂයක් ලෙස අපි ආණ්ඩුව කාගේද කියා බැලුවේ නැහැ. නිලධාරීන් කොච්චරදුරට මේ ආණ්ඩුව කියන දේ කරනවාදැයි මට සැකයක් තියෙනවා. රටට ආදරය කරන නායකත්වයක් සමඟයි රටට ඉදිරියට යා හැක්කේ. අපි සිංහළ, දෙමළ, මුස්ලිම් වේවා මොන ආගමේ කොටසක් උනත් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.
වැඩියෙන්ම ප්‍රහාරයට ලක් උනේ කතෝලික ජනතාව හා පල්ලි. කාදිනල්තුමා ඉතා ඉවසීමෙන් කටයුතු කළ නිසා ඇතිවෙන්න ගිය විනාශය නැවතුනා. ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල වුන අවස්ථාවේ, දළදා මාළිගාවට බෝම්බ ප්‍රහාර එල්ල උන අවස්ථාවේ ජනතාව කලබල උනේ නැහැ. කඩවලට ගැහුවේ නැහැ. නමුත් මෙම සිද්ධියෙන් පස්සේ උඩුගම්පොළ, කුලියාපිටිය, ප්‍රදේශවල කණගාටුදායක සිද්ධි දෙකක් සිදු උනා. මෙම සිද්ධි කාගේ උවමනාවට සිදු වුනා දැයි සැකයක් අපට තියෙනවා. වෙනත් ප්‍රදේශවලින් ගෙනත් දාපු මිනිසුන් මෙය කර තිබෙන්නේ. නමුත් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ මේවා බලන්න ආපු අය. පිටරට මාධ්‍ය මෙම ප්‍රහාර සිංහල බෞද්ධයන් පිටට දමනවා. මෙම බලවේග ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. තව මාස 04යි මෙම ආණ්ඩුවේ කාලය. එන ඕනෑම මැතිවරණයකට අපි ලෑස්තියි.
මැතිවරණ කොමසාරිස් මැතිවරණ කල් දමනවා වගේ උසස් අධ්‍යාපන ඇමතිවරයා විශ්ව විද්‍යාලවලට ළමුන් ගැනීම පමා කරලා යැයි’
මෙම අවස්ථාවට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අළුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, සිසිර ජයකොඩි, පද්ම උදයශාන්ත, තේනුක විදානගමගේ, කාංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ, ජයන්ත සමරවීර, නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද, කලාකරුවන්, විද්වතුන්, වෘත්තියවේදීන් ඇතුළු පිරිසක් එක් විය.
රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

COMMENTS