දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රිය අනතුරකට පත් මෝටර් රථයට ගිණි තැබීමට නොදුන්නැයි පොලිස් රාළහාමිට මන්නා පිහියෙන් කොටලා (PHOTOS)
Homeප්‍රවෘත්ති

රිය අනතුරකට පත් මෝටර් රථයට ගිණි තැබීමට නොදුන්නැයි පොලිස් රාළහාමිට මන්නා පිහියෙන් කොටලා (PHOTOS)

PropellerAds

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ (23) රාත්‍රී 8.30 ට පමණයතුරුපැදියක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් දඹුල්ල   යතුරු...

එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. ඇතුලත් කරන්න රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..
මාෆියාවට යටවෙන්නෙ නෑ... සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ගේනවා - බන්දුල
කෝට්ටේ පොහොට්ටු නගරාධිපතිට මහපාරෙදි මැහුම් 13ක් දාගන්න ගහලා!
රිය අනතුරකට පත් මෝටර් රථයට ගිණි තැබීමට නොදුන්නැයි පොලිස් රාළහාමිට මන්නා පිහියෙන් කොටලා (PHOTOS)

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ (23) රාත්‍රී 8.30 ට පමණයතුරුපැදියක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් දඹුල්ල   යතුරු පැදි කරු මියගොස් තිබේ.

අනතුරත් සමග ‍ප්‍රරකෝපකාරී වූ ප්‍රදේශවාසීන් අනතුරට පත්වූ සුඛෝපභෝගී මෝටර් රථයට ගිනි තැබීමට යද්දී එය වැළැක්වීමට ගිය දඹුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකුට මන්නා පිහියකින් අයකු පහරදීමත් සමග පොලිස් කොස්තාපල්වරයා ද තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචි අශෝක ලාල් (38) නැමැති දෙදරු පියෙකි.

සුඛෝපභෝගී මෝටර් රථය දඹුල්ල ප්‍රදේශයේ සිට සීගිරිය ප්‍රදේශයට   ධාවනය වෙමින් තිබී ඇති අතර යතුරුපැදිය  ප්‍රරතිවිරුද්ධ දෙසින් ප්‍රධාන මාර්ගයේ පැමිණ සිය නිවස ප්‍රදේශයට හරවනවාත් සමග මෙම අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.

මෝටර් රථය අධික වේගයෙන් ධාවනය වීමත් සමග එක වැරම මාර්ගය දෙපස සෝදිසියකින් තොරව යතුරුපැදිය හැරවීම නිසා රියදුරන් දෙදෙනාගේම  නොසැලකිලිමත් රිය ධාවනය මෙය ම අනතුරට හේතුවී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.

අනතුරත් සමග  ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීහු දැඩිව ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට වී තිබේ. මෝටර් රථයේ පැමිණි රියදුරු එම ස්ථානයෙන් තවත් පිරිසකගේ ආධාර ඇතිව දඹුල්ල පොලිසියට ගොස් බාර වී ඇතැයි පොලිසිය කියයි.

එම අතරතුරදී  ප්‍රකෝපකාරී වූ පිරිස වාහනයට ගිනි තැබීමට යද්දී එය වැළැක්වීමට උත්සාහ කළ දඹුල්ල පොලිසියේ රාජකාරියේ නියුතුව සිටී 49 652 ජගත් නැමති   පොලිස් කොස්තාපල්වරයා මන්නාපිහි පාරකට ලක්වූ ඔහුගේ අත බරපතළ කැපුම් තුවාල සහිතව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පහරදීම සිදුකළ සැකකරු ්අඩංගුවට ගැනීමට පොලිසිය ගියද ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ. අනතුරට පත් සුඛෝපභෝගී මෝටර් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රිය අනතුරකට පත් මෝටර් රථයට ගිණි තැබීමට නොදුන්නැයි පොලිස් රාළහාමිට මන්නා පිහියෙන් කොටලා (PHOTOS)
රිය අනතුරකට පත් මෝටර් රථයට ගිණි තැබීමට නොදුන්නැයි පොලිස් රාළහාමිට මන්නා පිහියෙන් කොටලා (PHOTOS)
http://am.lk/media/k2/items/cache/b45230282f1f691fd2ef79212dcd55a3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/photos_56.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/photos_56.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy