මෙරට ජනතාව අද වන විට පත්ව ඇති හා පීඩනය මත රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා...
මෙරට ජනතාව අද වන විට පත්ව ඇති හා පීඩනය මත රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටී. පවතින තත්ත්වය තවත් වර්ධනය වුවොත් ජනතාව පැහැර ගැනීම් වලට පෙළඹෙනු ඇති බවත් ආණ්ඩුව එය පාලනය කිරීමට උත්සාහ කිරීමත් සමග සිවිල් යුධ තත්වය නිර්මාණය වනු ඇතැයිද හෙතෙම පැවසීය.
රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබා ගැනීමට ඇති හැකියාව ගැන ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අවස්ථාව ඉල්ලමින් යොමු කළ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නැතැයි ද කී මන්ත්‍රීවරයා ජනාධිපති-අගමැති බකන්නිලාගෙන නොසිට ගැටලුවට උත්තර සෙවිය යුතුව ඇතැයිද සඳහන් කළේය.
බලශක්ති අමාත්‍යවරයා ඉන්ධන සෙවීමේ වගකීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට භාර නොදී රුසියාව සමඟ වහා සාකච්ඡා කිරීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හේතුවෙන් ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමටත් බියට පත්ව සිටින බවද කී මන්ත්‍රීවරයා තවදුරටත් ආණ්ඩුව මෙලෙස කටයුතු කළහොත් ජනතාවගේ ඉවසීමේ සීමාව පනිනු ඇතැයි ද පැවැසීය.
කොළඹදී මාධ්‍ය අමතමිනි හෙතෙම මේ බව කියා සිටියේය.

COMMENTS