දෙ වැනි දිනටත් අද (01) පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මහනුවර ශ්‍රීදළදා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයේ යෙදී සිටිති....
දෙවැනි දිනටත් අද (01) පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මහනුවර ශ්‍රීදළදා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයේ යෙදී සිටිති. එහිමියෝ මේ උපවාසයේ නිරතවන්නේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අණ්ඩුකාරවරුන් වන එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමිනි.
තම ඉල්ලීම ඉටුවනතෙක් නිරාහාරව අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වන බව පූජ්‍ය රතන හිමියන් ඊයේ පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිටදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේ.
ශ්‍රීලනිප මන්ත්‍රීලා ජනපති හමුවෙයි
ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් රිෂාඩ්, හිස්බුල්ලා හා අසාත් ගැන සාකච්ඡා කිරීමට ජනපති හමුවීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
මේ අතර පූජ්‍ය අතුරළියේ රතන හිමියන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම ජනාධිපතිවරයාගේද වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.
දිසානායක මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව අසළ මාරාන්තික උපවාසයක නිරත වන පූජ්‍ය අතුරළියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට ඊයේ (31) රාත්‍රියේ පැමිණි අවස්ථාවේදීයි.

COMMENTS