පා ස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සෙවීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට අද තීරණාත්මක දිනයක් බව එහි අභ්‍යන්තර ආරංචිම...
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සෙවීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට අද තීරණාත්මක දිනයක් බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග හෙළි කරනවා. ඊට හේතුව ලෙස දක්වන්නේ මෙම කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙනයෑම පිළිබඳව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ඇතුළු කාරක සභා සාමාජිකයන් අද කථානායක කරු ජයසූරිය සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වීමට කටයුතු යොදාගෙන තිබීමයි.
මූලික විමර්ශන ලෙස දැනට අදාළ සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනකුම කැඳවා සාක්ෂි විමසන ලදී.
සක්‍රිය සේවයේ සිටින කිසිදු නිලධාරියකු එම තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට ඉඩ නොතබන බවත් එම සියලු නිලධාරීන්ගේ වගකීම තමා භාරගන්නා බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කලින් සඳහන් කර තිබුණා.
එම නියෝග සමඟ මෙම කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුකිරීම දැඩි අර්බුදයකට ලක්වී තිබෙනවා.
ඊට තවත් හේතුවක් වී ඇත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නඩු 5ක් දැනට ශේර්ෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවැතීමයි.
එම නිසා අවසන් වාර්තාවක් සකස් කිරීමෙන් තොරව මූලික විමර්ශන කටයුතු අවසන් කර නඩු විභාග වී අවසන් වනතුරු බොහෝදුරට මෙම කාරක සභාවේ කටයුතු තාවකාලිකව නතර කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇති බවද වාර්තා වනවා.
නඩු කටයුතු අවසන් වූ පසුව යළි මෙම කාරක සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවද ඉහත ආරංචි මාර්ග සනාථ කළා.
කෙසේ වෙතත් අද කථානායක කරු ජයසූරිය හමුවී මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව තීන්දුවක් ගැනීමට නියමිතයි.

COMMENTS