දී ර්ඝ කාලයක් තිස්සේ කල් දමමින් ඇති පළාත් සභා මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයේ එක...
දීර්ඝ කාලයක් තිස්සේ කල් දමමින් ඇති පළාත් සභා මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයේ එක මොහොතක්වත් රැඳී සිටින්නේ නැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
පළමුවෙන් පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය බව මැතිවරණ කොමිසමේ අදහස බවත් එය ජනාධිපතිවරණයකට මසකට කලින් වුවද පැවැත්වීමට කොමිසමට හැකි බවද ඒ මහතා පවසයි.
කෙසේ නමුත් ජනාධිපතිවරණය පළමුවෙන් පැවැත්වුවහොත් ඊට විරෝධය පා තමන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට සූදානම් බවද ඔහු පැවසීය.
ජාතික මැතිවරණ කොමිසම සභාපතිවරයාද ඇතුළුව සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත ය.

COMMENTS