කොළඹ මහ නගර සභාව මේවන විට පවත්වාගෙන යන්නේ විශාල බැංකු අයිරාවක් මගින් බව වාර්තා වේ. මේ වනවිට එහි බැංකු අයිරාව රුපියල් ලක්ෂ 15,800 ඉක්මවා ඇ...
මේ වනවිට එහි බැංකු අයිරාව රුපියල් ලක්ෂ 15,800 ඉක්මවා ඇතැයි එම නාගරික භාණ්ඩාගාරික දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග අනාවරණයවන බව දේශය පුවත්පත වාර්තා කර තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් එහි බරපතළ මූල්‍යමය කඩා වැටීමක් සිදු වී ඇතැයි ද පැවසේ.
නගර සභාවේ වියදම් සීමාව ගතවූ මාස 6 තුළ අසීමාන්තික ලෙස ඉහළ යාමත්, ආදායම් එකතු කිරීම සීඝ්‍ර ලෙස පහත දැමීමත්, මෙම තත්ත්වයට හේතු වී ඇති බවද වාර්තා වේ.
ඉකුත් 30 වැනිදා පැවති නගරසභා මාසික රැස්වීමේදී නාගරික මන්ත්‍රී රම්සි ටෝනි (ශ්‍රීලනිප) මහතා මෙම විශාල බැංකු අයිරාව පිළිබඳව නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියගෙන් ප්‍රශ්න කර ඇති බවද පැවසේ.
එහිදී ඇය පවසා ඇත්තේ තම නගරසභාව සතුව රුපියල් ලක්ෂ 20,000ක පමණ ස්ථාවර තැන්පතු මුදලක් ඇති බවත්, ආදායම් එකතු කිරීම සියයට 60ක් දක්වා අඩුවීම නිසා බැංකු අයිරාව ඉහළ ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් ඉකුත් වසරේ ජූනි වනවිට මෙහි ස්ථාවර තැන්පතු ගිණුමේ මුදල් රුපියල් ලක්ෂ 25,800ක් තිබී ඇති බවත් මේ අතර වාර්තා වේ.
COMMENTS