අද මේ රටේ පිරිමි දරුවන් උසස් අධ්‍යාපනය ලබා ගැනීම අඩුවී ත්‍රිරෝද රථ සංස්‌කෘතියට වැඩි වශයෙන් ඇදී යනවා. අද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන...
අද මේ රටේ පිරිමි දරුවන් උසස් අධ්‍යාපනය ලබා ගැනීම අඩුවී ත්‍රිරෝද රථ සංස්‌කෘතියට වැඩි වශයෙන් ඇදී යනවා. අද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට හැටපහක් ගැහැනු දරුවන් සිය උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කළේය.
ගල්කිස්‌ස වටරප්පල පාර බෞද්ධායතන ධර්ම විද්‍යාලයට අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් රුපියල් දෙලක්‍ෂයක් පමණ වටිනා දැව භාණ්‌ඩ පරිත්‍යාග කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ඒ මහතා එසේ කීය.
මොහාන්ලාල් ග්‍රේරු මහතා මෙසේද කීය. අද මේ රටේ ත්‍රිරෝද රථ ලක්‍ෂ 15 දක්‌වා වැඩිවී තිබෙනවා. ඉරිදා දිනවල ටියුෂන් පන්ති නිසා දහම් පාසල් අධ්‍යාපනයට බාධාවක් ඇතිවී තිබෙන බව දිවියාගහ යසස්‌සි නාහිමියන්ගේ කතාවෙන් කියවුණා. ටියුෂන් පන්තිවලට නීති දමනවාට වඩා ඔවුන් තමන්ම හිතා ඉරිදා උදේ වරුවේ ටියුෂන් පන්ති නැවැත්විය යුතුයි. මා ප්‍රතිපත්තියක් වශයෙන් ටියුෂන් පන්ති ඉරිදා පැවැත්වූයේ නැහැ.
කුඩාකල දහම් පාසල් අධ්‍යාපනයෙන් ලැබුණු ශක්‌තිය තුළින් කොළඹ ආනන්ද මහ විදුහලේ විවාද කණ්‌ඩායමේ නායක වීමටත් සමස්‌ත ලංකා කථික තරගයක් ප්‍රථම ස්‌ථානය දිනාගැනීමට පුළුවන් වුණා. එදා ආනන්ද මහ විදුහලේ බෞද්ධ සංගමය භාර ආචාර්යවරයා වශයෙන් සිටියදී දිවියගහ යසස්‌සී නාහිමියන්ගෙන් ඉගෙනීම ලබා ගැනීමට මටද වාසනාව ලැබුණා.

COMMENTS