දේ ශපාලන ස්ථාවරත්වය තහවුරු කළ හැකි නායකයෙක් රටට වර්තමානයේ අවශ්‍යව තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණ...
දේශපාලන ස්ථාවරත්වය තහවුරු කළ හැකි නායකයෙක් රටට වර්තමානයේ අවශ්‍යව තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. දේශපාලනයට රටේ සෑම ප්‍රශ්නයක්ම විසදන්න බැරි වුවත් බොහෝ ප්‍රශ්න විසදිය හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
රටේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ ප්‍රකාශ කල කරුණාරත්න පරණවිතාන මහතා මෙසේද කීය.
දේශපාලනයට රටක බොහෝ ප්‍රශ්ණ විසදන්න පුළුවන්. ඒ සදහා හොද ශක්තිමත් දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ඊළගට පත් කර ගන්න ජනාධිපතිවරයා අඩුම තරමින් උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනෑ. අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ කෙළින් කථා කරන ප්‍රශ්නයක් වුනාම එහෙට මෙහෙට බොලේ පාස් කරන්නේ නැති තමන්ගේ උපන්ගෙයි ගොබ්බකම් එළි පිටට පෙන්වන්නේ නැති නිර්භීතව වැඩ කරන පුද්ගලයෙක්.
ඒ විතරක් නෙමෙයි, රටේ ප්‍රශ්නල ලෝකේ ප්‍රශ්න ගැන හොද අවබෝධයක් නායකයට තියෙන්න ඕනෑ. මේ රටේ ජාතිය, සංස්කෘතිය, ඉතිහාසය ගැන හැගීමක් තියෙන නායකයෙක් අපට අවශ්‍යයි. ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද? ජාතික සමගිය තහවුරු කරන්නේ කොහොමද? බිද වැටුණු ආර්ථිකය ගොඩ නගනනේ කොහොමද? මහා පරිමාණ ප්‍රශ්නයක් වෙලා තියෙන බල ශක්ති අර්බුදය විසදන්නේ කොහොමද? අධ්‍යාපනය, පාරිසරික උවදුරු වැනි ප්‍රශ්න නිරාකරණය කරන්න පුළුවන් නැවුම්ව හිතන දැක්මක් සහිත නායකයකුගේ අවශ්‍යතාව බරපතල විදියට මතු වෙලා තිබෙන බවද අමාත්‍යවරයා එහිදි සදහන් කළේය.
– ජයකාන්ත ලියනගේ

COMMENTS