ශී‍්‍ර ලංකාව යළි නැගී සිටිනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ බියගුළු ආකාරයේ ත‍්...
ශී‍්‍ර ලංකාව යළි නැගී සිටිනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ බියගුළු ආකාරයේ ත‍්‍රස්ත කි‍්‍රයාවන්ගෙන් ශි‍්‍ර ලංකාව පරාජයට පත් කළ නොහැකි බවයි. ඉන්දියාව නිරන්තරයෙන් ශී‍්‍ර ලංකාවේ ජනතාව සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.
ඒ, සිය ශී‍්‍ර ලංකා සංචාරය පිළිබද ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
සිය සංචාරයේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීම පිළිබඳවද එහිදී සටහනක් තබා තිබෙනවා. එහි දැක්වෙන්නේ ත‍්‍රස්තවාදය පිටුදැකීම, ආරක්‍ෂාව සහ ආර්ථික සංවර්ධනය වැනි ක්‍ෂේත‍්‍රවලදී ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර සමීප සහයෝගතාවක් අවශ්‍ය බවට තමා විපක්‍ෂ නායකවරයා සමග සාකච්ඡා කළ බවයි.
එමෙන්ම ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ද මුණ ගැසුණා. එහිදී ජාතික ප‍්‍රශ්නයට විසදුම් සෙවීමේ කටයුතුවලට ඉන්දීයාවේ මැදිහත්වීම ඉදිරියටත් අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානය, ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ. තමන් ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීමට අවධානය යොමු කරන බව නරේන්ද්‍ර මෝදි එහිදී ප‍්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන්ද ප‍්‍රකාශ කර තිබෙනවා.
පලාලි ගුවන් තොටුපොල ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් ලෙස නවීකරණය කරන ලෙසටද දෙමළ ජාතික සන්ධානය මෙහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊටද අවධානය යොමු කරන බව නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් ප‍්‍රකාශ කර ඇත්තේ.
පැය 4 ක් වැනි කෙටි කාලයකට සීමාවූ ඔහුගේ ශී‍්‍ර ලංකා සංචාරයේදී කිසිවෙකුත් අපේක්‍ෂා නොකළ පරිදි පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් හානි වූ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙතද නරේන්ද්‍ර මෝදි පැමිණියා.

COMMENTS