හි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහති ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගැනීමට නිය...
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහති ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගැනීමට නියමිත බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.
ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමට නොහැකිවීම හා පුද්ගලයකුට බැණ තර්ජනය කර පහර දීම සම්බන්ධයෙන් බවද පැවසේ.
ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු හා පූජිත ජයසුන්දර ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීම අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් කරන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට පසුගියදා නියෝග කර ඇතැයි ද වාර්තා වේ.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර 2018 වර්ෂයේ අප්‍රේල් 11 වැනිදා පෙරවරු 8.45ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විදුලි සෝපානයේ සේවය කළ රාගම නැලිගම පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා මහතාට බැණ තර්ජනය කර පහරදීමට තැත්කිරීම හා එම ස්ථානයේ පිළිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ති ෂිරෝමනී මහත්මියට බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය සඳහා පූජිත ජයසුන්දර මහතා රහස් පොලිසියට කැඳවීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල සමරකෝන් බණ්ඩා පොලිස්පතිවරයාට ඉදිරිපත් කිරීමට නොහැකි නිසා 2018 ජුනි 02 වැනිදා ජනාධිපතිවරයාට හා කථානායකවරයාට ඉදිරිපත් කර තිබේ.
ඊට සම්බන්ධ නඩුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ පසුගිය සතියේ කැඳවූ අතර දණ්ඩ නීති සංග්‍රහයේ 344, 346 හා 483 යටතේ චෝදනා ගොනු කර තිබේ.
මූලාශ්‍රය - අරුණ

COMMENTS