ඊ.ටී.අයි.ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ ආයෝජන වත්තකම් විකිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ ඊ.ටී.අයි. ආයතනයේ ආයෝජන ව...
ඊ.ටී.අයි.ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ ආයෝජන වත්තකම් විකිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ
ඊ.ටී.අයි. ආයතනයේ ආයෝජන වත්කම් විකිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම පිළිබඳව වැරදි තොරතුරු සංසරණය වන බව අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ඊ.ටී.අයි.ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ තැන්පත්කරුවන් වෙත උපරිම ප්‍රතිලාභයක් ලබාදෙන පරිදි ගැනුම්කරුවෙකුට විකිණීම සිදුකළ යුතු බවට සෑම අවස්ථාවකදීම අවධාරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුවේ නියාමනයට ලක්වන ආයතනයන්වල ආයෝජනය කිරීම හෝ ඒවායේ වත්කම් විකිණිම සම්බන්ධයෙන් ඕනෑම සාකච්ඡාවක් අදාළ ආයතනය සමග සෘජුවම සිදුකළ යුතු බවට මුදල් මණ්ඩලයේ ස්ථාවරය බැවින් ඊ.ටි.අයි ආයතනයේ වත්මක් විකිණීම සම්බන්ධයෙන් සියලු සාකච්ඡා එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදුකළ බව එම නිවේදනයේ සඳහන් වෙයි.
ඊ.ටී.අයි.ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය මිලදී ගැනීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 61 සිට අමෙරිකානු ඩොලර් මිලියන 75 දක්වා පරාසය තුළ විවිධ ලන්සු තබා ඇති අතර එම මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිර්දේශ කරන ලද එකම පාර්ශවය වුයේ වත්මන් ගැනුම්කරු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව අදාළ ගනුදෙනුව පවතින නීති සහ රෙගුලාසීවලට යටත්ව අමෙරිකානු ඩොලර් මිලියන 75ක මුදලකට ඊ.ටි.අයි.ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විකිණීම සදහා අනුමැතිය ලබාදුන් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
එම ගනුදෙනුවට අනුව මේ වන විට එම අමෙරිකානු ඩොලර් මිලියන 75න් අමෙරිකානු ඩොලර් මිලියන 54ක මුදලක් ඊ.ටි.අයි. වෙත ලැබී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වාදෙයි.
COMMENTS