රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. රාජ්‍ය මාධ්...
රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
රාජ්‍ය මාධ්‍ය ආයතන සෑබෑ මහජන සේවා මාධ්‍යක් බවට පත් කරලීමේ අරමුණෙන් මෙම කමිටුව පත්කර ඇත.
මාධ්‍ය භාවිතය සහ ස්වාධීනත්වය පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩනැගී ඇති අවස්ථාවක මාධ්‍ය ප්‍රවීණයන්ගේ අදහස වී ඇත්තේ පෞද්ගලික මාධ්‍ය පිළිබඳ කටයුතු කිරීමට පෙර, රාජ්‍ය මාධ්‍ය ස්වාධීන සැබෑ මහජන සේවා ආයතන බවට පත් විය යුතුය යන්නයි.
එම අරමුණ වෙනුවෙන් මෙම සත් පුද්ගල කමිටුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පත් කරනු ලැබිණ. රාජ්‍ය මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුව වෙත පැවරී ඇත. සත් පුද්ගල කමිටුවේ සභාපති ලෙස විජයානන්ද ජයවීර මහතා පත් කර තිබේ.
සත් පුද්ගල කමිටුව
COMMENTS