දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයිටම් ජයග්‍රහණයේ විභවීය අවකාශය කාටද?
Homeප්‍රවෘත්ති

සයිටම් ජයග්‍රහණයේ විභවීය අවකාශය කාටද?

PropellerAds

පොදුවේ ගත් විට එය සාමූහික විඥාණයක් බවට පත් වේ. ශිෂ්‍යයින් සටන්කාමී වූවාට සංවිධානාත්මක වන්නේ නැත. සංවිධානාත්මක වන්නට තරම් සමාජ සවිඥානිකත්ව...

අර්බුදය දෙගොඩතලා යයි.. ඩොලර් පිටකිරීම දැඩිව සීමා කරමින් ගැසට්ටුවක් !
බැදුම්කර කණ්ඩායම යළි කරළියට එයි... සුබ ‌මොහොතින් අරක්කු කොම්පැනිය යළි පටන් ගනී... ණය ගෙවලත් නෑ... බදු ගෙවලත් නෑ - (video)
පොලිස්පතිගේ ඉවසීමේ සීමාව පනී! කළු පුතයි-සුදු පුතයි මූලස්ථානයෙන් විසිවෙයි!
සයිටම් ජයග්‍රහණයේ විභවීය අවකාශය කාටද?

පොදුවේ ගත් විට එය සාමූහික විඥාණයක් බවට පත් වේ. ශිෂ්‍යයින් සටන්කාමී වූවාට සංවිධානාත්මක වන්නේ නැත. සංවිධානාත්මක වන්නට තරම් සමාජ සවිඥානිකත්වයක් ඉබේ ලැබෙන්නේ නැත. එම නිසා ශිෂ්‍ය ජීවිතයක සතු ජීවගුණය හැම විටම පාහේ සමාජය තුළ ස්ථාපිත වූ කණ්ඩායම් විසින් සූරාකෑමකට හා අවභාවිතයකට ලක් කරයි. එය පසුගිය දශක 7 මුළුල්ලේම දක්නට ලැබුණි.

වාමාංශික ව්‍යාපාර ශිෂ්‍යයින් වටා පැදකුණු කරන්නේ ඇයි? ශිෂ්‍යයින් තුළ ඓන්ද්‍රියව අවංකභාවයක් ඇති නිසාය. මෙම අවංකභාවය ඔවුන්ට ලැබෙන්නේ ජෛවීයව ය. ඕනෑම පුද්ගලයෙකු තරුණ වයසේ දී සමාජීයව සිතන කාලසීමාවක් ඇති වේ. මෙම කාලසීමාව දඩයම් කිරීම වෙළදපළ සිට වාමාංශික ව්‍යාපාර දක්වා සියළු දෙනා විසින් සිදු කරයි. එසේ සිදු කිරීම නරක දෙයක්දැයි ප්‍රශ්නයක් මතු වීමට ඉඩ තිබේ. එය නරක දෙයක් වන්නේ ශිෂ්‍යයින් වෙත කියාපාන දෙය හා ඇත්ත වශයෙන්ම වාමාංශික පක්ෂ විසින් සිදු කරන්නා වූ දෙය අතර වන පරතරයයි. ලංකාවේ මෙම පරතරය ඇත්ත වශයෙන්ම රැවැටිලිදායක ලෙස වැඩි වී ඇත.

වාමාංශික පක්ෂ වලට ශිෂ්‍ය ව්‍යාපාරයෙන් තොර තැනක් නැද්ද යන්න එම ව්‍යාපාර වල නිර්මාණශීලිත්වයේ හා නව්‍යතාවයේ ගැටළුවක් පමණි. ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂයට අවසානයේ පිහිටට සිටියේ සයිටම් ගැටළුව පමණි. සයිටම් ගැටළුව නොවන්නට ඔවුන් මේ වන විට ලංකා දේශපාලනයෙන් අහෝසි වී ඇත. විකල්ප දේශපාලන පක්ෂයක් හෝ භාණ්ඩයක් හෝ සමාජගත වන්නේ එහි ඇති නවොත්පාදනය හමුවේ ය. පෙරටුගාමීන්ට නවෝත්පාදනයක් ලෙස තිබුනේ පශ්චාත් නූතනවාදී කැඩුණු කොටස්, ගිටාර් හා ගංජා පමණි. එය නවෝත්පාදනයක් ලෙස බාරගත්තද එහි බලපෑම පුද්ගලික වන නිසා සමාජීය වශයෙන් සාර්ථක වූයේ නැත. ඉන්පසුව ඔවුන් සිය නායකයා සිරගත කිරීම භාවිතා කිරීම වසරකට ආසන්න හෝ වැඩි කාලයක් කරගෙන ගියහ. එය නව්‍යකරනයක් නොවුවද අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් කරමින් ඇදී ගියහ.

ජවිපෙන් බාගයක් පමණ විශාල වූ පෙරටුගාමීන් අවසානයේ සයිටම් අසල නැවතිණි. ඒ අර්ථයෙන් සයිටම් ව්‍යාපාරය පෙරටුගාමීන්ට ජීවය පෙවීම ද්විතීයක කාර්යයක් වශයෙන් සිදු කර ඇත. නමුත් පෙරටුගාමීන්, ජවිපෙ, වෛද්‍ය සභාව හා අනෙකුත් වෘත්තීය සමිති සියල්ල සිය ප්‍රාථමික කාර්යය බවට සයිටම් පත් කරගත්තේ නැත.

සිය ප්‍රාථමික කාර්යය සයිටම් බවට පත්කරගත්තේ වෛද්‍ය සිසුන් පමණි. එය ඔවුන්ගේ අත්‍යන්ත උවමනාවක් බවට පත්ව තිබුනි. එය පවත්වාගෙන යාම සදහා වන සංවිධානමය උදව් හා අන්‍යොන්‍ය යැපීම් ඉහත කී සියලු කොටස් වලින් සිදු කරන ලදී. විශේෂයෙන්ම සයිටම් ආරම්භ කරන ලද මහින්ද රාජපක්ෂ පවා සයිටම් ජීවය උරා බිවු පිශාචයෙක් බවට පත් විය.

සයිටම් ජීවය යනු කුමකින් ආරම්භ වූවක් ද යන්න වැදගත් කතාවකි. නිදහස් අධ්‍යාපනය ආරම්භ කරන ලද්දේ නිදහසින් පසුව වූ දක්ෂිණාංශික රජයකිනි. එය කාලයක් රටේ ප්‍රධාන පන්ති තීරකයා බවට පත්ව තිබුනි. ග්‍රාමීය පහල පන්තික කොටස් වලට නාගරීකරනය වීමේ හා ඉහළ පන්තික වීමේ සිහිනය ඉටු කරදීම එය විසින් සිදු කරන ලදී. එම නිසා එය එක්තරා ආකාරයකට දෙවියෙක් බවට පත්විය

මෙම නිදහස් අධ්‍යාපනයේ මූලික ප්‍රතිඵලය ලෙස 71 අරගලය මතු විය. අධ්‍යාපනය පමණක් නිදහස් වීමෙන් සිදුවන සමාජ ප්‍රතිවිපාක ලෙස තරුණයන් දහස් ගණනක් මිය ගියහ. ඔවුන් මියගියේ හා ජීවිතය පූජා කලේ සමාජවාදය වෙනුවෙන් යැයි අදහසක් පවතී. රට වෙනුවෙන් යැයි අදහසක් පවතී මේ අදහස් දෙකටම වඩා ඔවුන් මියගියේ අවංකභාවය වෙනුවෙන් යන්න මතුකරගත හැකි අදහසකි. සයිටම් වල ජයග්‍රහනය ඇති කරන්නේද මෙම අවංකභාවයයි. මෙම අවංකභාවයෙන් අදහස් වන්නේ එය පිවිතුරු එකක් යන්න නොවේ. කුමක්ද මෙම සමාජීය වශයෙන් හඳුනාගන්නා අවංකභාවය?

ලංකාවේ සියළු වෘත්තීය සමිති හා දේශපාලනික පක්ෂ සිය කාර්යය සපුරා හෙළි කරන්නේ නැත. එහි නායකයින් අරමුණු වෙනුවෙන් පමණක් ක්‍රියා කරන්නේ ද නැත. එම නිසා වංකත්වය විසින් මෙම ව්‍යාපාර අවසන් කර තිබේ. පොදුජන මනෝභාවයන්හි පමණක් අත්‍යන්තයෙන් නැගෙන අවංකභාවයක් පවතී. මෙයින් අදහස් වන්නේ පොදුජනයා අහිංසක හෝ උසස් බව නොවේ. පොදුවේ වන සාමූහික දිශානතියක් මින් අදහස් වේ. මෙම සාමූහික දිශානතිය ඉතා ප්‍රබලය.

වෛද්‍ය සිසුන්ගේ සාමූහික දිශානතිය සයිටම් අහිමි කිරීම වෙත පැතිරී තිබුණි. එය පොදු ශිෂ්‍යයන් තුළ ද්විතීයක ඉලක්කයක් බවට පත්ව තිබුනේ නැත. අන්තරය හෝ පක්ෂ විසින් මෙහෙයවනු ලබන සයිටම් යනු වෙනත් අරමුණු තබාගමිනිමින් මෙහෙයවන දෙයකි. එය මූලයෙන්ම වංක සටනකි. මෙම වංකත්වය කිසි විටෙකත් ජයග්‍රහණ අත් කරදෙන්නේ නැත.

සයිටම් සටනින් උද්දාමයට පත්වීමට හා පෙට්‍රල් ගසා ගැනීමට කණ්ඩායම් පෝලිමේ සිටී. ඒ නැව පැමිණ ඇති නිසාය. කෝටා එකකට යටත්ව ඉහත කී ඕනෑම කණ්ඩායමකට පෙට්‍රල් ගසාගත හැකිය. ඒ සටන වෙනුවෙන් කල මෙහෙවර නිසාය. නමුත් මතුකිරීමට අවශ්‍ය වන්නේ මෙහි වැඩිම පෙට්‍රල් ප්‍රමාණයේ හිමිකම ඇත්තේ වෛද්‍ය සිසුන්ට බවය. කරුමය වන්නේ දැන් ඔවුන්ට ඒ පෙට්‍රල් වලින් වැඩක් නොවීමයි.

සයිටම් පෙට්‍රල් භාවිතා කරමින් පෙරටුගාමීන්ට කොයි තරමක් දිවිය හැකිදැයි බලා සිටීමට සිදු වනු ඇත. සයිටම් විසින් තල්ලු කරගෙන යන කැඩුණු වාහානයක් වූ පෙරටුගාමීන්ට පෙට්‍රල් වලින් පලක් නොවනුම ඇත. සමහර විට පෙරටුගාමී වාහනය තල්ලු කිරීමට නොහැකිව පාරේ අතරමග දමා ගිය විටෙක අපට මුණ ගැසිය හැකිය. එම පෙට්‍රල් වලින් පෙරටුගාමීන්ට වැඩක් නැත. ජවිපෙ ට මේ පෙට්‍රල් වලින් ඡන්දය සදහා දිවිය හැකිවේ. මෙය මහින්දට භාවිතා කිරීමට නොහැකිය. නමුත් මෛත්‍රීට මේ පෙට්‍රල් භාවිතා කිරීමට හැකිය. ජීඑම්ඕඒ එක මහින්ද වෙනුවෙන් යම් ප්‍රමාණයකින් මෙය භාවිතා කරනු ඇත.

සමාජ සටනකින් පසු එහි ජයග්‍රහණයේ අවකාශය භාවිතා කරන්නේ කලාතුරකිනි. මෙම සටනේ ද ජයග්‍රාහී අවකාශයන් භාවිතා කිරීම හුදෙක් ඡන්දයකට පමණක් සීමා වනු ඇත. වෛද්‍ය සිසුන් ට මෙහි භාවිතා කිරීමක් අවශ්‍ය වන්නේ නැත. එසේම ඔවුන් නැවතත් ශිෂ්‍ය සටන් වලට මැදිහත් වන අවස්ථා ගණන ද අඩු වනු ඇත.

සමාජය විසින් මෙම අවකාශය භාවිතා කිරීම සිදු කළ යුතු වේ. මෙම අවකාශය පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් භාවිතා කරන්නේ නම් ඔවුන් තව දුරටත් අරගලයක කොනට මෙය ගැට ගසනු ඇත. එම පක්ෂයට හෝ ජවිපෙට මෙහි අවකාශ භාවිතයේ විභවය නොමැත. විභවයන් ඇත්තේ ජනතාව තුළය. නමුත් ජනතාව නැති තැනක විභවයන් තිබී පලක් නැත. සයිටම් ජයග්‍රහනයේ විභව අවකාශය ඉදිරි මැතිවරණය තුළ හැකිළී යනු ඇත.

- සරෝජ් හේමන්ත ද සිල්වා

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් ජයග්‍රහණයේ විභවීය අවකාශය කාටද?
සයිටම් ජයග්‍රහණයේ විභවීය අවකාශය කාටද?
http://ift.tt/2zNq4cb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_111.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_111.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy