අකුරැස්ස, ඌරුබොක්ක ප්‍රදේශයේදී අද (02) අලුයම පොලීසිය සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පසුගිය මස 22 වැනි දා අකුරැස්ස ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මෙම වෙඩි හුවමාරුවෙන් මියගොස් ඇති බවයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අලුයම 2.50 ට පමණ පොලිස් කණ්ඩායමක් ගිය අවස්ථාවේ සැකකරු නැවතත් පොලීසියට වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මෙහිදී පොලීසිය කළ වෙඩි තැබීමෙන් සැකකරු මියගොස් ඇති බවයි.
මියගිය සැකකරු 56 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS