පා ස්කු ඉරිදා ප්‍රහාරය දැන දැනම එය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති විශ්...
පාස්කු ඉරිදා ප්‍රහාරය දැන දැනම එය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති විශ්වසභංගයට තම පක්ෂය පූර්ණ සහාය ලබා දෙන බවත් ඊට පක්ෂව තමන් පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා කියයි.
ඔහු ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශයට පත්කරන ලංකා පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා තිබේ.
“අපි පැහැදිලිවම ආණ්ඩුවට විරුද්ධව ඒ යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්න ඕනේ. පෞද්ගලිකව මම ඒ යෝජනාවට පක්ෂයි. අපේ පක්ෂයත් ඒ යෝජනාවට පක්ෂයි. මේ අපරාධයෙන් ආණ්ඩුවට ගැලවෙන්න දෙන්න බැහැ. රිෂාඩ් වගේම ආණ්ඩුවත් මෙතැනදී පරාජය කිරීම අපි හැමෝගෙම වගකීමක්”
ආණ්ඩුවට විරුද්ධ ඉකුත් විශ්වාසභංගය පරාජයට පත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී වාසුදේව මහතා අදහස් දක්වා තිබේ.
ඔහු ඒ සම්බන්ධයෙන් “අපි ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙනාපු වෙලාවේ අනෙක් අයත් එක්ක සාකච්ඡා කළා. ඒකාබද්ධ වික්ෂයේ අය ඒ විශවාසභංගයට සහය දෙනවා කිව්වා. ජේවීපී එක කොහොමත් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන බව දන්නවා. ඔවුන් කියූ පරිදිම ඊට විරුද්ධව ඡන්දය දුන්නා. නිදහස් සන්ධානයේ අය ආණ්ඩුවට විරුද්ධව දෙනවා කිව්වා. අන්තිමට ඒ අය මග හැරියා. ඒකෙන් විශ්වාස භංගය පරාජය වුනා.” යනුවෙන් පවසා තිබේ.

COMMENTS