දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ බාලිකාවක 14 වියැති දැරිය ගණිකාවක් කළ සොයුරිය අත්අඩංගුවට
Homeප්‍රවෘත්ති

කොළඹ බාලිකාවක 14 වියැති දැරිය ගණිකාවක් කළ සොයුරිය අත්අඩංගුවට

PropellerAds

දහහතර හැවිරිදි දැරියක රුපියල් පනස් දාහක මුදලට නොයකුත් පුද්ගලයන්ට විකුණූ­ ඇගේ ඥාති සොහොයුරියක් සහ රුපියල් පනස් දහසකට දැරිය මිලදී ගත් මෝටර් ...

සුමතිපාලගේ සභාපති නාමයෝජනාව ඇතුළු නාමයෝජනා 05ක් ප්‍රතික්ෂේපයි
දෙසැම්බරයේ අගමැති ධූරයේ වෙනසක්!
ලංකාවේ බෞද්ධ-හින්දු ආගමික ගැටුමක් අවුලා ඉන්දියාවේ මෝදි කුපිත කරවීමේ කුමන්ත‍්‍රණයක්!
දහහතර හැවිරිදි දැරියක රුපියල් පනස් දාහක මුදලට නොයකුත් පුද්ගලයන්ට විකුණූ­ ඇගේ ඥාති සොහොයුරියක් සහ රුපියල් පනස් දහසකට දැරිය මිලදී ගත් මෝටර් රථ අලෙවි කොටස් විකිණීමේ යෙදෙන ව්‍යාපාරිකයකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී රුපියල් පනස්දාහ බැගින් ගෙවා ඇයගේ පහස ලබාගත් පුද්ගලයන් කිහිප දෙනකු ගැන තොරතුරු හෙළිවී ඇතැයි මරදාන පොලිසිය කියයි.

සමහර පුද්ගලයන් ගැන ඇය තොරතුරු කිසිවක් දැන නොසිටින බව පොලිසිය කියයි.

රුපියල් පනස් දහසක මුදලකට දැරිය විකුණා මුදල් ලබාගන්නා ඥාති සොහොයුරිය ඇයට ඇඳුම් පැලඳුම් හා කෑම බීම රැගෙන දී ඉතිරි මුළු මුදලම ඤාති සොහොයුරිය ගන්නා බව මේ පිළිබඳව කළ විමසීමකදී මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉශාන්ත කුමාර ඇපලකොටුව මහතා කීවේය.

පොලිසිය පවසන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුස්ලිම් කාන්තාව මෙම දැරියගේ ඥාති සොහොයුරියකි. දැරිය පාසල් යන වියේ පසුවන අතර ඇය කොළඹ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන බව මරදාන පොලිසිය කීය.
මෙම ඥාති සොහොයුරිය දැරියගේ මවුපියන් දැනුවත්ව දැරිය නිවෙසින් රැගෙන ගොස් තිබේ. ඒ ඇයට ආදරය සෙනෙහස දක්වන බව අඟවමිනි.

මෙලෙස මවුපියන්ගේ අවසරය මත රැගෙන යන දැරිය යළි නිවෙසෙට ගෙනැවිත් ඇරලද්දී ඇයට කෑම බීම සහ ඇගේ නිවෙසටද කෑම බීම ගෙනැවිත් දීම මෙම ඥාති සොහොයුරිය පුරුද්දක් කරගෙන තිබේ.
මේ නිසා දැරියගේ මවුපියන් මෙම ඥාති සොහොයුරිය ගැන සැකයක් උපදවාගෙන නැති අතර දැරියව රැගෙන යෑමටද ඥාති සොයොහොයුරියට ඉඩකඩ ලබාදී තිබේ.

මෙලෙස වසර දෙකකට ආසන්න කාලයක් මෙම ඥාති සොහොයුරිය දාහතර හැවිරිදි දැරිය ඇගේ නිවෙසින් රැගෙන ගොස් ඇත. සමහර දිනවල දැරිය තම නිවෙසේ රඳවා ගන්නා බව කියමින් දින දෙක තුන ඥාති සොහොයුරිය සිය නිවෙසේ රඳවා තබා ගෙන තිබේ. කෙසේ වෙතත් මෑතක සිට දැරිය ඥාති සොහොයුරිය සමඟ නිවෙසින් පිටවී යෑමට අකමැත්ත පළකර තිබේ.

ඇය මේ බව සිය මවුපියන්ටද දන්වා තිබේ. පසුව මවුපියන්ද දැරියගේ අකමැත්තෙන් රැගෙන යෑම ගැන ඥාති සොහොයුරියට අකමැත්ත පළකර තිබේ. එහෙත් ඥාති සොහොයුරිය දැරිය බිය කරමින් යළිත් රැගෙන යෑමට උත්සාහා දරා ඇත.

පසුව මෙම සිදුවීම මරදාන පොලිසියට දැනුම්දී ඇති අතර මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන අරඹා ඇත. පසුව දැරිය ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ දැරියට කෑම බීම ආදරය සෙනෙහස ලබාදෙන මුවාවෙන් රැගෙන යන මෙම දැරිය ඥාති සොහොයුරිය විසින් නොයෙකුත් පුද්ගලයන්ට විකුණා ඇති බවය.

බාලවයස්කාර දැරිය සමඟ වරක යහන්ගතවීමට ඥාති සොහොයුරිය එක් පුද්ගලයකුගෙන් රුපියල් 50,000ක මුදලක් අයකරගෙන ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. එලෙස ලබා ගන්නා මුදලින් ඥාති සොහොයුරිය සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ඥාති සොහොයුරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී දැරිය සමඟ මුලින්ම ලිංගිකව හැසිරී ඇති මෝටර් රථ කොටස් අලෙවි කරන ව්‍යාපාරිකයාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 38 හැවිරිදි විවාහකයෙකි.

දැරිය මේ වන විට රෝහල් ගත කර ඇති අතර, ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් දැරියගෙන් ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බවද මරදාන පොලිසිය කියයි. දැරියගේ ප්‍රකාශය මත රුපියල් පනස්දාහ බැගින් ගෙවා දැරිය සමඟ ලිංගිකව හැසිරුණු ව්‍යාපාරිකයන් හා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉදිරි දිනවලදී කටයුතු කරන බව මරදාන පොලිසිය කියයි.

සැකකාරිය හා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මූලාශ්‍රය - මව්බිම
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ බාලිකාවක 14 වියැති දැරිය ගණිකාවක් කළ සොයුරිය අත්අඩංගුවට
කොළඹ බාලිකාවක 14 වියැති දැරිය ගණිකාවක් කළ සොයුරිය අත්අඩංගුවට
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgdjm7xSLxs_upYI8ByadcoEF5GHWdiJZvi31sOsNOWlgN9UgLKUIRUxp5OSE3gPtGdyan5xT4DLv-w5U9H-3EGU3JlCk268LIIfqBl5MzCkyZWSv-iG7YNjPiuYwIVE23v9M_mberhuMFU0DPwvIdWZMxODRwPfnjQAGYEz8F3TtUu-n9I4qpV6izLEQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgdjm7xSLxs_upYI8ByadcoEF5GHWdiJZvi31sOsNOWlgN9UgLKUIRUxp5OSE3gPtGdyan5xT4DLv-w5U9H-3EGU3JlCk268LIIfqBl5MzCkyZWSv-iG7YNjPiuYwIVE23v9M_mberhuMFU0DPwvIdWZMxODRwPfnjQAGYEz8F3TtUu-n9I4qpV6izLEQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy