ත මා දැනුවත් නොකර ජනාධිපතිවරයා විසින් ලබාදුන් වැඩබලන අමාත්‍යධූර භාරගත් ලකී ජයවර්ධන, අනෝමා ගමගේ හා බුද්ධික පතිරණ යන අයට කැබිනට් මණ්ඩල සාකච්ඡ...
තමා දැනුවත් නොකර ජනාධිපතිවරයා විසින් ලබාදුන් වැඩබලන අමාත්‍යධූර භාරගත් ලකී ජයවර්ධන, අනෝමා ගමගේ හා බුද්ධික පතිරණ යන අයට කැබිනට් මණ්ඩල සාකච්ඡාවලට සහභාගී නොවන ලෙස එජාප නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ධූරයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම්, රවුෆ් හකිම් යන පිරිසගෙන් පුරප්පාඩු වූ අදාළ කැබිනට් ඇමති ධූර සඳහා වැඩබැලීමට මේ අය ජනාධිපතිවරයා විසින් පසුගිය 10 වැනිදා පත්කරනු ලැබිණි.
ඒ අනුව, නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා වශයෙන් ද, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කළේය.
ඊට අමතරව, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය ලෙස පත් කළාය.
වැඩ බැලීමට මේ අය පත්කරණ බවට ජනපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර නොමැති අතර, මේ පිරිසද අදාළ ඇමතිකම් ලබාගෙන ඇත්තේ ද අග්‍රාමාත්‍යවරයා දැනුවත් නොකරය.
එසේම මේ අමාත්‍ය ධූර සඳහා අග්‍රාමාත්‍යවරයා නිර්දේශ කළ නම් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

COMMENTS