වි ධායකය සහ ව්‍යස්ථාදායකය අතර පවතින ගැටළු හේතුවෙන් මිලියන විසි එකක ජනතාව උකසට තැබීමට ඉඩ නොතබා සටන් කරන බව සහ මෙම ගැටලුවට මහා සංඝරත්නයේ මැදි...
විධායකය සහ ව්‍යස්ථාදායකය අතර පවතින ගැටළු හේතුවෙන් මිලියන විසි එකක ජනතාව උකසට තැබීමට ඉඩ නොතබා සටන් කරන බව සහ මෙම ගැටලුවට මහා සංඝරත්නයේ මැදිහත්වීම තමන් අපේක්ෂා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රබුක්වැල්ල මහතා නෙළුව ප්‍රදේශයේ පැවති අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
‘මම ඒක ඇහුවා..මම මවිතයට පත්වුනා.මොකද මේක හරියට අපි ගෙනාපු එකක් වගේ නිසා.මේක ගෙනාවෙම ජනාධිපතිතුමා.මොකද මේ ගැන මට වගකීමක් එක්ක කතා කරන්න පුළුවන්.මේ දහනමවෙනි සංශෝදනය ගෙන එන්න සහ සහයෝගය දෙන්න කියලා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වපු රැස්වීමේදී විස්තර කරලා මේක සහයෝගය දෙන්න කියලා කිව්වම මම තමයි එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවේ.
දහනමවෙනි සංශෝදනය ගෙනැල්ලා මැතිවරණ ක්‍රමය වෙනස් කරන විසිවෙනි සංශෝදනයට වැඩ පිළිවෙළ නොගෙනාවොත් ඉතාමත් අපහසුතාවයකට රට පත්වෙනවා කියලා.එතුමා බොහොම පැහැදිලිව කිව්වා මම රටේ ජනාධිපති,මම වගකීම භාර ගන්නවා.නියත වශයෙන්ම විසිවෙනි සංශෝදනය ඊගාව සතියේ ගේනවා කියලා.ඒ අනුව තමයි මම නම් එදා ඒකට එකඟ වුනේ.මට ඒ ගැන වගකීමකින් කියන්න පුළුවන් මොකද මම තමයි එතුමාගෙන් ඒ ප්‍රශ්නය ඇහුවේ.
අද එතුමා කියනවානම් විකාරයක් කියලා විකාරේ වගකීම එතුමා භාර ගන්න ඕන.වෙන කවුරුවත් නෙමෙයි.අපිට ඒක පටවන එක සුදුසු නැහැ.අපි මේක අධ්‍යනයක් කලේ නැහැනේ.මොකද ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව ඒ වෙලාවේ එතුමා එක්ක හිටියා.හැබැයි මේක අධ්‍යනය කරපු ගමන් අපිට දැනගන්න පුළුවන් වුනා මේ දහනමවෙනි සංශෝදනයේ යම් යම් කරුණු,කාරණා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට තියෙන යම්කිසි බලතල…එහෙම නැත්නම් සාධාරණ බලතල සියල්ල අහෝසි කරලා,
ඒ වගේම මේ කොමිෂන් හරහා මම අද දැක්කා පොලිස්පති මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් උසාවියට යනවා.රටේ මහා ව්‍යසනයක් වෙනවා.රටේ පාලනය කරගන්න බැරි තත්වයක් මතුවෙනවා.ජනාධිපතිවරයාට අයිතියක් නැහැ ජනතාව ඉදිරියට රටේ පාර්ලිමේන්තුව ගෙනියන්න.පාර්ලිමේන්තුව විසුරුවන්න අයිතියක් නැහැ.අවුරුදු හතරහමාරක් විසුරුවන්න බැහැ කිව්වම සරල භාෂාවෙන් කිව්වම ඕනෑම පිස්සුවක් නටන්න පුළුවන් හැබැයි රටේ ජනතාවට විකල්පයක් නැහැ.තුනෙන් දෙකක් අරගන්නයි අවශ්‍ය කියන්නේ.තුනෙන් දෙකක් ගන්න බැහැ කියලා බොහෝ දුරට අපි දන්නවා.
ඒ නිසා මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය දොස් කියනවා ජනාධිපතිවරයාට ඡන්දෙකට යන්නේ නැහැ කියලා.හැබැයි එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ අපිත් එක්ක එකතුවෙලා තුනෙන් දෙකක් දීලා පාර්ලිමේන්තුව විසුරවලා මිලයන විසි එකක් ඉන්න ජනතාවට ඉදිරියට ගිහිල්ලා කවුද සුදුස්සා කියලා හොයාගන්න එක.බොහොම පැහැදිලි විකල්ප ගණනාවක් තියෙද්දී තමයි රට අස්ථාවර කරලා තියෙනවා මේ දෙගොල්ලොම එකතුවෙලා.
බල කේන්ද්‍ර දෙක දෙපැත්තේ ඉඳගෙන ගහ ගත්තට අපිට කමක් නැහැ.විධායකය සහ ව්‍යවස්ථාදායකය ගහගන්න එකෙන් මිලියන විසි එකක ජනතාව උකසට තියන්න ඉඩදෙන්න බැහැ.ඒ නිසා තමයි මේ සටන අපි ගෙනියන්නේ.මම හිතනවා අපේ රටේ ජනතාවත් විශේෂයෙන් මහා සංඝරත්නය කිසිම දවසක නැති ආකාරයේ ප්‍රශ්නයට මැදිහත්වෙලා මේ ගැටලුවට උන්වහන්සේලාගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි කියලා අපේ විශ්වාසයක් තියෙනවා’
– දෙනියාය ප්‍රියංක ගමගේ

COMMENTS