ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට සහභාගී නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස ඒකමතිකව තීරණය කර තිබියදී පක්ෂයේ තීරණයට පිටි...
ජනාධිපතිවරණය සඳහා කුමන පක්ෂයක් කුමන අපේක්ෂකයකු නම් කරගත්තත් ඔහු ජයග්‍රහණය කරන්නේද පරාජය වන්නේද යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ තමන් අත බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.
"කවුරු අපේක්ෂකයා කියලා මොන පක්ෂේ නම් කරගත්තත් අන්තිමේ කවුරු දිනනවාද පරද්දනවාද කියලා තීරණේ කරන්නෙ මං. මමයි ශ්‍රී ලංකා එකේ සභාපති, අපේ ඡන්ද නැතිව ඔය කයිවාරු ගහන කාටවත් දිනන්න බෑ. ඒ නිසා තීරණ ගන්නේ මම, ඔය නටන දඟළන අය නෙවෙයි ! ඒක කවුරුත් මතක තියාගන්න ඕනෙ.
අනික පක්ෂයක් වුණාම ඒකෙ විනයක් තියෙන්න ඕනෙ. මං සෑහෙන වතාවක් මේවා ඉවසුවා. මගේ ඉවසීම දුර්වලකමක් කියලා හිතලා සමහරු හිතං ඉන්නේ. දැන් හොඳටෝම ඇති. මේ පාර කිසිම සමාවක් නෑ, ඔය ගියපු හැමෝටම එරෙහිව වහාම විනය පරීක්ෂණ තියන්න. ඒවා ඇද ඇද ඉන්නත් එපා, හැකි ඉක්මනින් ඉවර කරන්න" යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
පසුගිය 11 වනදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවෙන් අනතුරුව දයාසිරි ජයසේකර මහතාව දුරකථනයෙන් අමතා ජනාධිපතිවරයා මේ බව පවසා ඇතැයි සඳහන්.
-lankanewsweb
COMMENTS