මෙහි දී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි උගත් නීතීඥ මහතා කරුණු ඉදිරිපත් කරමින් අදාල චාරිත්‍රය වසර 300ක් පමණ නොකඩවා පවත්වාගෙන එන්නක් ...
මෙහි දී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි උගත් නීතීඥ මහතා කරුණු ඉදිරිපත් කරමින් අදාල චාරිත්‍රය වසර 300ක් පමණ නොකඩවා පවත්වාගෙන එන්නක් නිසා ක්ෂනිකව එය තහනම් කිරීම යෝග්‍ය නැති බව පෙන්වා දී ඇත. කෙසේ වෙතත් වාර්තාවන පරිදි අධිකරණය අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර ඇත්තේ එවැනි ම්ලේච්ඡ ක්‍රියා සඳහා අවසර දීමට 1893 අංක 9 දරන සත්ව ඝාතන ආඥා පනතේ ප්‍රතිපාදන ඉඩ දී නොමැති බවත් රාජ්‍ය නිලධාරීන් කිසි විටෙකත් ඒ සඳහා බලපත්‍ර ලබා නොදිය යුතු බවත් ය.
ලංකාව තුළ සත්ව ප්‍රජාවේ අද දවස
සත්ව හිසනය පිළිබඳ ප්‍රවෘති මෑත කාලීනව අපට අසන්නට ලැබුණු එකම අවස්ථාව මෙය නොවේ. මොරටු සරසවි භූමියේ වීථි සුනකයන් ඝාතනය සම්බන්ධ සිදුවීම මෙන් ම වගා කටයුතුවලට හානිකර වනසතුන් මස් පිනිස ඝාතනය කිරිමට අවසර දිය යුතු බවට රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙකු සිදු කර ප්‍රකාශය ද මෑත කාලීනව වාර්තා වූ ආන්දෝලණාත්මක සිදුවීම් ය. ඊට අමතරව දුර්ලභ ඝනයේ ගොඩබිම් සහ සාගර ජීවීන් අනවසරයෙන් අපනයනය කිරීම මෙන් ම දේශීයව මස් පිනිස මරා දැමීම ද අපට බහුලව අසන්නට ලැබේ. මෙවැනි සිදුවීම් ශ්‍රේෂ්ඨාධිණය යලිත් අපට මතක් කර දෙන්නේ අප විසි එක්වන සියවසේ ජීවත් වුව ද ඇතැම් අවස්ථාවල නූතන ලෝකයෙන් වසර සිය ගණනක් පසුපස අතීතයක ජීවත්වන බවයි.
සියවසකටත් වඩා යල් පැන ගිය සත්ව ආරක්ෂණ නීතියක්
වර්තමානය වනවිට මෙරට සත්ව හිංසනය වැලැක්වීමට අදාලව ඍජුවම ක්‍රියාත්මක වන්නේ 1907 අංක 13 දරන සත්ව හිංසාව වැලැක්වීමේ ආඥා පනතයි. ඊට අවසන් වරට සංශෝධන එක් කර ඇත්තේ 1955 අංක 22 දරන පනතින් වන අතර එ අනුව පසුගිය වසර 62ක කාලය මුළුල්ම එය කිසිඳු වැඩි දියුණුවකට භාජනය වී නැති බව දක්නට ලැබෙන්නකි. සත්ව හිංසාව වැලැක්වීමේ ආඥා පනතේ 14 (අර්ථ නිරූපන වගන්තිය) අනුව “සතුන්” යන්නට අයත් වන්නේ ගෘහාශ%ව ඇති කරන හෝ අල්වා ගත් සතුන් පමණි. මීට අල්වා ගෙන සිටින යම් පක්ෂිfයක්, මත්ස්‍යයෙක් හෝ කෘමිfයකු ද අයත් වේ. නමුත් ගෘහාස්‍රිතව ඇති නොකරන හෝ කූඩු කර නොමැති සතුන් පනතින් ආවරණය නොකරන නිසා එවැනි සතුන්ට හිංසා කරන පුද්ගලයන්ට දඩුවම් කිරීමට පනතෙහි ප්‍රතිපාදන උපයෝගී වන්නේ නැත. වසර සිය ගණනක් තිස්සේ මෙවැනි සත්ව බිලි පූජා පවත්වාගෙන යෑමට නීතියෙන් අවසර ලැබෙන්නේ ඒ අනුව ය.
සත්ව සුභසාධනය ලංකාව තුළ තහවුරු කිරීමට නම්
පවත්නා යල්පැන ගිය නීති වෙනුවට නව සත්ව සුබසාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් කිරීමෙන් අනතුරුව සම්මත කොට මෙරට ජීවත්වන සියළුම සතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර යුතු බව නූතන විද්වත් පිළිගැනීම වී තිබේ. වසර 2015 ඔක්තෝබර් මස 4වන දින ලෝක සත්ව දින සැමරුමට එක්වෙමින්, ලංකා සත්ව සුබසාධන එකමුතුව ද ඉහත අදහස ම ඉස්මතු කරමින් කියා සිටියේ මෙරට සිටින සියළුම සතුන්ගේ ආරක්ෂාව සහතික කරන නව නීතියක් ගෙනා යුතු බවයි. එම පනත සතුන්ට එරෙහිව ඔවුන්ගේ භාර කරුවන් හෝ වෙනත් ඕනෑ ම අයෙකු විසින් සිදුකරන සියළුම ආකාරයේ වද හිංසාවන් පිටුදැකීම, සතුන්ට ආහාර ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම, ඉඩකඩ සහිතව ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම යන මූලික මාර්ග උපදේශණයන් මත පදනම් විය යුතු බව තව දුරටත් විද්වත් මතය වී ඇත. එමෙන්ම පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට මෙන් ම ඒ සඳහා කලින් කලට රෙගුලාසි පැනවීමට ද ජාතික සත්ව ආරක්ෂණ අධිකාරියක් පිහිටවීම ද ඉස්මතු වූ තවත් යෝජනාව කි.
ලෝ වටා තොරතුරු බිඳක්
ලෝකයේ ආගමික අරමුණු උදෙසා සත්ව බිලි පූජා පවත්වන රටවල් අතර පෙරමුණේ ම පසුවන්නේ ආසියානු මැදපෙරදිග හා අප්‍රිකානු රටවල් ය. මේ අතුරින් අපගේ අසල්වැසි ඉන්දියාව සුවිශේෂී වන්නේ සත්ව බිලි පූජාව පිළිගනු ලබන මෙන් ම ප්‍රතික්ශේප කරන කණ්ඩායම් එරට සක්‍රීයව තම තමන්ගේ අරමුණු උදෙසා ක්‍රියාත්මක වීම හේතුවෙනි. කෙසේ වෙතත් සත්ව බිලි පූජාවන් හී නීත්‍යානුකූල භාවය පිළිබඳ ඉන්දීය අධිකරණයේ මතය විචලනය වන බව දක්නට ලැබෙන්නකි. ඒ අනුව වසර 2014 ඔක්තොම්බර් මස 3වන දින හිමාචල් ප්‍රඩේෂ් ප්‍රාන්ත මහ අධිකරණය අදාල ප්‍රාන්තය තුළ සත්ව බිලිපූජාවන් මුළුමනින්ම තහනම් කරමින් කියා සිටියේ දෙවියන්ගේ නාමයෙන් සිදු ක,ද එය ඉතා ම්ලේච්ඡ ක්‍රියාවක් යනුවෙනි. කෙසේ වෙතත් 2015 සැප්තැම්බර් මස දී පරිසර සංවිධාන කිහිපයක් ගොනු ක, නඩුවක තීන්දුව ලබාදෙමින් නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ සියවස් ගණනක් තිස්සේ ජන වර්ග ගණනාවක් පවත්වා ගෙන යන චාරිත්‍රයකට මැදිහත් වීම අධිකරණයේ අපේක්ෂාව නොවන බවයි. තව දුරටත් අධිකරණය “ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වර්ෂාව පතා සත්ව බිලි පූජා පවත්වන බවත් අදාල පූජාව සිදු නොකළ හොත් වැස්ස නොලැබී යනු ඇතැයි යන්න ඔවුන්ගේ විස්වාසය බවත්” කියා සිටියේ ය. ඒ අනුව මෙය ජනතාව අතර ම ගොඩ නැඟෙන බුද්ධිමය සංවාද ඔස්සේ සිදු විය යුතු සමාජ ප්‍රතිසංස්කරණයක් විනා නීතිය මඟින් සිදු කර නොහැක්කක් බව අධිකරණයේ මතය විය.
ඒ අනුව බලන කල ‘සත්ව බිලි පූජාව හුදු ආගමික කටයුත්තක් සේ සලකා ඊට අවසර ලබා දීම’ නැත්නම් ‘සමස්ථ සත්ව වර්ගයාගේ ම යහපත උදෙසා සිය ගනණින් සිදු කෙරෙන සත්ව බිලි පූජා තහනම් කිරීම’ යන වරණයන් අතුරින් දෙවැන්න තෝරා ගැනීමට ගරු යාපනය මහ අධිකරණ විනිසුරු තුමා තීරණය කර තිබේ. එය සෙහි දී පෙන්වා දිය හැක්කේ සමස්ත සත්ව වර්ගයාගේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීමටත් සත්ව කරුණාව යන පොදු ගුණාංගය මත මෙරට සිංහල‚ දෙමල‚ මුස්ලිම් ජනයාගේ හදවත් යා කිරීමටත් ඉවහල්වන දූරදර්ශී තීරණයක් වශයෙනි.
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ඩී. සුපුන් රශින්ද ජයවර්ධන
COMMENTS