දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට කලින්දා ISIS ත‍්‍රස්තයන්ගේ Bitcoin ගිණුමට ඩොලර් මිලියන 4.5ක් දාලා.. ප‍්‍රහාරයට පසුදාම අරන්..
Homeප්‍රවෘත්ති

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට කලින්දා ISIS ත‍්‍රස්තයන්ගේ Bitcoin ගිණුමට ඩොලර් මිලියන 4.5ක් දාලා.. ප‍්‍රහාරයට පසුදාම අරන්..

PropellerAds

ඊශ්‍රායලයේ පිහිටි Blockchain පිළිබඳ බුද්ධි ආයතනයක් වන Whitestream මඟින් අනාවරණය කර ගෙන තිබෙනුයේ ශ්‍රී ලංකා පාස්කු දින ප්‍රහාරයට පෙර දිනයේ ද...

අග්‍රාමාත්‍යවරයාගෙන් ඇමතිවරුන්ට අනතුරු ඇඟවීමක්!
නිරෝධායන නීති කඩකළ රංගෙ බණ්ඩාරගේ පුත් යසෝද අත්අඩංගුවට!
නැව් දෙකක් ආවත් මෙහෙම ගියොත් ඔක්සිජන් දින හතකට පමණයි!
ඊශ්‍රායලයේ පිහිටි Blockchain පිළිබඳ බුද්ධි ආයතනයක් වන Whitestream මඟින් අනාවරණය කර ගෙන තිබෙනුයේ ශ්‍රී ලංකා පාස්කු දින ප්‍රහාරයට පෙර දිනයේ දී විශාල Bitcoin ප්‍රමාණයක් ISIS ත්‍රස්ත සංවිධානය විසින් ආධාර රැස්කරගැනීමට යොදාගන්නා Bitcoin wallet වලට සංසරණය වූ බවයි.
Whitestream ආයතනය මඟින් සොයාගෙන තිබෙනුයේ ISIS ත්‍රස්ත සංවිධානයට ලැබෙන ආධාර මුදල් Bitcoin වලට හුවමාරු කරගැනීමට යොදාගන්නා ආයතනයක් වන CoinPayments හි Bitcoin ශේෂය බෝම්බ ප්‍රහාරයට පෙර දිනයේ දී විශාල ප්‍රමාණයකින් වැඩි වූ බවයි.

CoinPayments ආයතනයේ ප්‍රධාන Bitcoin wallet හි සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 500,000 පමණ වටිනාකමින් යුතු Bitcoin ශේෂයක් පවතින අතර පසුගිය අප්‍රේල් විසිවනදා වන විට එය ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක පමණ වටිනාකමින් යුතු විය. ඉන්පසුව බෝම්බ ප්‍රහාරය සිදුවූ දිනය වන විට Bitcoin ශේෂය නැවත ඇමරිකානු ඩොලර් 500,000 දක්වා බැස තිබුණි. පසුගිය මාස නවයදීම ඔවුන්ගේ සාමාන්‍ය දෛනික මාසික ශේෂය වූයේද ඇමරිකානු ඩොලර් 500,000 කි.

Blockchain පිළිබඳ බුද්ධි ආයතනයක් වන Whitestream ආයතනය නිවේදනය කර තිබුණේ පසුගිය වසර 2ක තුල දී ISIS ත්‍රස්ත සංවිධානය විසින් මුදල් රැස් කිරීම සඳහා Bitcoin ආධාර ලෙස එකතු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කල බවයි. එම ආධාර මුදල් යොදා ත්‍රස්ත සංවිධානයේ තාක්ෂණික අංශය යටතේ ක්‍රියාත්මක වන මාධ්‍යය, දැන්වීම් හා පරිගණක යටිතල පහසුකම් දියුණු කිරීමට ඔවුන් තැත් කල බව වාර්තා වෙයි. මෙම ආධාර එකතු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් ඒ සඳහාම වෙන්වුන වෙබ් අඩවියක් භාවිතා කල අතර එය බලධාරීන් විසින් Track කිරීම වැළැක්වීම සඳහා ඔවුන් නිතරම වෙබ් අඩවියේ domain address වෙනස් කළේය.

තවදුරටත් Whitestream ආයතනය නිවේදනය කර සිටියේ, CoinPayment ආයතනය ත්‍රස්ත සංවිධාන හා සම්බන්ධ බවට එල්ල වූ පළමු චෝදනාව මෙය නොවන බවයි. පසුගිය පෙබරවාරි මාසයේ දී ඔවුන් Hamas ත්‍රස්ත සංවිධානය එකතු කල ආධාර CoinPayment ආයතන වෙත යොමු කරනවා නිරීක්ෂණය කර තිබෙයි. ත්‍රස්ත සංවිධානය විසින් එම මුදල් digital විනිමය බවට හුවමාරු කරගෙන ඇති බවට ඔවුන් සැක කරයි.



මේවනවිට Whitestream ආයතනය ත්‍රස්ත ක්‍රියා මැඩපැවැත්වීමට දායක වීම සඳහා ඊස්රායලහි ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යටතේ ඇති ත්‍රස්ත ක්‍රියා සඳහා මුදල් රැස් කිරීම මැඩපැවැත්වීම සඳහා වූ ජාතික කවුන්සිලය සමග එකට වැඩ කරමින් සිටියි.

ISIS ත්‍රස්ත සංවිධානය Bitcoin භාවිතා කරනා බව හසුකරගත් ආකාරය
Whitestream ආයතනයේ නිර්මාතෘවරයෙකු වන Itsik Levy විසින් ISIS ත්‍රස්ත සංවිධානයට අදාළ Bitcoin wallet හඳුනාගත් ආකාරය මෙසේ විස්තර කරයි….

පළමුව ඔවුන් විවිධ වේලාවන්හීදී ආධාර එකතුකිරීම සඳහා කිහිපවතාවක් යොදාගන්නා ලද Bitcoin address ලබා ගෙන ඉන් Bitcoin address දෙකක් ISIS ත්‍රස්ත සංවිධානයේ ආධාර එකතු කිරීම සඳහා වූ වෙබ් අඩවියේ තිබී තහවුරු කරගෙන තිබෙයි. එම Wallet තුල එවිට තිබුණේ ඩොලර් කිහිපයක් වුවද ISIS ත්‍රස්ත සංවිධානය සතුව CoinPayment ආයතනයේ Wallet ඇති බව ඉන් තහවුරු විය.

දැනට Whitestream ආයතනය උපකල්පනය කරනුයේ මෙවැනි CoinPayment ආයතන හා සම්බන්ධ Bitcoin address බොහොමයක් ISIS ත්‍රස්ත සංවිධානය සතුව ඇති බවයි. ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරයට පෙර දිනයේදී මෙම Bitcoin address තුල ඇමරිකානු ඩොලර් 9800 පමන වටිනා Bitcoin යොදා සිදුකල විශාල ගනුදෙනු දෙකක් ද ඔවුන් හඳුනාගෙන තිබෙයි.

Levy පවසනුයේ ළඟදීම ලෙබනනයේ Hezbollah වැනි සංවිධානද මුදල් එකතු කිරීම සඳහා ISIS ත්‍රස්ත සංවිධානය හා Hamas ත්‍රස්ත සංවිධානය සේ Bitcoin භාවිතා කරනු ඇති බවයි.

(SBS පුවත් සේවය ඇසුරිනි.)
– biz.adaderana.lk
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ඉරිදා ප‍්‍රහාරයට කලින්දා ISIS ත‍්‍රස්තයන්ගේ Bitcoin ගිණුමට ඩොලර් මිලියන 4.5ක් දාලා.. ප‍්‍රහාරයට පසුදාම අරන්..
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට කලින්දා ISIS ත‍්‍රස්තයන්ගේ Bitcoin ගිණුමට ඩොලර් මිලියන 4.5ක් දාලා.. ප‍්‍රහාරයට පසුදාම අරන්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4RjaH4sTKKyn2wq-uQMav1pJ04rE0WQx2h_VVBuGMdTRMZaIGZ9ecqZkouSasM_dA0RidnyK114Rz6QYZVPWWkxP8WwEV2oaTw1-TaPjUGYq9ePcbZS38-55zv9rxu_SoQzO0Oocc5rAb/s320/pasku+attack.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4RjaH4sTKKyn2wq-uQMav1pJ04rE0WQx2h_VVBuGMdTRMZaIGZ9ecqZkouSasM_dA0RidnyK114Rz6QYZVPWWkxP8WwEV2oaTw1-TaPjUGYq9ePcbZS38-55zv9rxu_SoQzO0Oocc5rAb/s72-c/pasku+attack.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/isis-bitcoin-45_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/isis-bitcoin-45_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy