මු ස්ලිම් ගම්මාන ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂා කිරීමේදී ඇති වූ ගැටළුවක් නිසා කුලියාපිටිය අවට ප්‍රදේශවල යම් අවාසනාවන්ත සිදුවීම් සිදු වූ බව ශ...
මුස්ලිම් ගම්මාන ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂා කිරීමේදී ඇති වූ ගැටළුවක් නිසා කුලියාපිටිය අවට ප්‍රදේශවල යම් අවාසනාවන්ත සිදුවීම් සිදු වූ බව ශ‍්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඇති වූ ගැටුම් වැළැක්වීමට තමන් විශාල උත්සාහයක් ගත් නමුත් අතිවිශාල පිරිසක් එක්ව සිටි නිසා පාලනය කරගත නොහැකි වූ බවත් ඔහු සදහන් කරයි.
‘කිනියමගම කියන ප්‍රදේශයේ ආරංචිය ආවේ පතරොම් 256 ක් සොයා ගත්තයි කියලා වැවක තිබිලා. කිනියමගම කියන්නේ සම්පූර්ණයෙන්ම මුස්ලිම් සහෝදරවරුන් ඉන්න ගමක්. ඒ අවට හිටපු සිංහල ප්‍රදේශ වල ඉන්න අය රාත්‍රී කුපිත වෙලා ඇවිල්ලා මේ ස්ථානයට පහර දුන්නා. එතනින් අය හය දෙනෙක් අත්අඩංගුවට අරගෙන බිංගිරිය පොලිසිය හෙට්ටිපොල පොලිසියට ගෙනාව. මං යනකොට 3000-4000 විතර සෙනගක් පොලිසිය වටේ හිටිය’ යයි මන්ත‍්‍රීවරයා සදහන් කලේය.
අද වන විට මුස්ලිම් ගම්මානවල ජනතාව සිංහල ජනතාව පහරදේ යයි බියෙන්ද සිංහල ගම්මානවල ජනතාවට මුස්ලිම් ජනතාව පහරදෙතැයි බියෙන්ද සිටින බවද පැවසූ මන්ත‍්‍රීවරයා මෙම ජන කොටස් දෙක අතර ඇතිව තිබෙන අවිශ්වාසය දුරු කිරීමට වැඩපිලිවෙලක් අවශ්‍ය බවද කියා සිටියේය.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ‍්‍රීලනිප මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

COMMENTS