මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා ඇති, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ව...
පොලිස්පතිවරයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් අනතුරු අඟවා තිබියදී එම අනතුර වලක්වා ගැනීම සඳහා පොලිස්පතිවරයා විසින් පියවර නොගැනීම හා ඒ හරහා ඔහුට අදාල රාජකාරි චේතනාන්විතව පැහැර හැරීම සම්බන්ධයෙනි.
ඒ සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දර මහතාට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වූ අතර එම පාර්ශ්ව සඳහන් කෙළේ ඔහු පොලිස්පතිධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. අවසානයේ ජනාධිපතිවරයාට ද, ඔහුට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දීමට සිදුවිය. එහෙත් පූජිත් ජයසුන්දර මහතා ධුරයෙන් ඉල්ලා අස්වීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ අතර අවසානයේදී ඔහුව අනිවාර්ය නිවාඩු යවා වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට සිදු විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇති විමර්ශනය කඩිනමින් සිදු කිරීමට නියමිත අතර විමර්ශනයේදී පූජිත් ජයසුන්දර මහතා වරදක් කර ඇති බව අනාවරණය වුවහොත් සිය රාජකාරිය චේතනාන්විතව පැහැර හැරීම, පොලිස්පතිවරයාගේ ධුරයට අදාල රාජකාරි පැහර හැරීම, සාවාද්‍ය මනුෂ්‍ය ඝාතයක් සිදු කිරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ ඔහුට එරෙහිව නඩු පැවරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
COMMENTS