ජා තික පුවත්පතක් වාර්තා කර තිබෙන තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල මව්වරුන් හාරදහසක් වඳ කළ බව කියන සිදුවීම ප...
ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙන තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල මව්වරුන් හාරදහසක් වඳ කළ බව කියන සිදුවීම පිළිබදව හෙට පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරා.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේ අදාල ප්‍රවෘත්තිය පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.
ජාතික පුවත්පතක් සිය ප්‍රධාන සිරස්තලය යටතේ තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල මව්වරුන් වද කළ පුවත වාර්තා කර තිබුනා.
එම ප්‍රවෘත්තිය පිළිබදව අද පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයාගේ අවධානය යොමු කළා.
මේ අතර අදාල ප්‍රවෘත්තිය පිළිබදව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අදහස් පළ කළා.
මේ අතර, දැනට අත්අඩංගුවේ සිටින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්ඩින් අහමඩ් මුවාත්ගේ සොහොයුරන් දෙදෙනා සහ සොහොයුරිය මහේස්ත්‍රාත් නිරීක්ෂණය සදහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට අද ඉදිරිපත් කෙරුණා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන්ගෙන් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැදවුම් නියෝග මත මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටින බවයි.
ඒ අනුව වැඩිදුර නිරික්ෂණය සදහා සැකකරුවන් ලබන මස 27 වන දින යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

COMMENTS