අද අලුයම ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කරන ලද පාතාල නායක මාකඳුරේ මධූෂ් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ප්‍රශ්න කරමින් සිටින මධූෂ් අද දින ඇතුළත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මොහු මාස තුනක පමණ කාලයක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන්නැයි ඔහු විසින් එරට අධිකරණයෙන් කරන ලද ඉල්ලීම නොසලකා අද අලූයම් කාලයේ මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කර තිබිණි.
මිනී මැරුම්, මත්ද‍්‍රව්‍ය ජාවාරම්, මංකොල්ල කෑම් ඇතුළු අපරාධ චෝදනා ගණනාවකට මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකා පොලිසියට අත්‍යවශ්‍යව සිටි පුද්ගලයෙක් වන අතර ඔහු කලක පටන් විදෙස්ගතව ශ්‍රී ලංකා පොලිසිය මගහැරීමට කටයුතු කර තිබින.
COMMENTS