ඩු බායි හිදී පොලිස් අත්අඩංගුවට පත්වූ පාතාල නායක මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කරනවාද, නැද්ද යන තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කිරීමට න...
ඩුබායි හිදී පොලිස් අත්අඩංගුවට පත්වූ පාතාල නායක මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කරනවාද, නැද්ද යන තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තාවනවා.
තමන්ට ජීවිත තර්ජන ඇති හෙයින් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා පාතාල නායක මධුෂ්, නීතීඥයන් පිරිසක් මාර්ගයෙන් ඩුබායි අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.
මධුෂ් විසින් ඩුබායි හිිදී සංවිධාන කර තිබූ සාදයට සහභාගිවූ ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්රූයන් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් ඇතුලු 31 දෙනෙකු එරට පොලීසිය පසුගිය පෙබරවාරි 05 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ වනවිට ඉන් 30 දෙනෙකු දිවයිනට පිටුවහල් කර එවා තිබෙනවා.
ඒ අනුව දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන්නේ පාතාල නායක මාකඳුරේ මධුෂ් පමණයි.
මේ අතර ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන්රූයන් අද (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පාතාල නායක මාකදුරේ මධූෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිටි මොහු පිටුවහල් කිරීමෙන් පසු පසුගිය 04 වනදා දිවයිනට පැමිණියා.
එමෙන්ම ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාද ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදාහැර තිබුණා.
එමෙන්ම මෙරටට පිටුවහල් කරනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ද මාස 03 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අධිකරණයෙන් අවසර හිමිවුණා.

COMMENTS